spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලංකාවේ ලොකුම පීට්සා එක මීගමුවෙන්

Must read

පෙබරවාරි මස 09 දිනටයෙදී ඇති ලෝක පීට්සා දිනය නිමිත්තෙන් මීගමුව, ඒත්තුකාළ ප්‍රදේශයේ පිහිටි ටුක් ටුක් වයින් ඇන්ඩ් ඩයින් හෝටලය ලංකාවේ විශාලතම පීට්සාව ඊයේ (08)  රාත්‍රී එම හෝටල් පරිශ්‍රයේදී නිර්මාණය කිරීමට පියවරගෙන තිබුණි.

මේ සදහා එම හෝටලයේ විධායක සූපවේදී දුමින්ද වනිගසේකර මහතා මූලිකත්වය ගෙන ක්‍රියා කර තිබුණි .

අගල් 50 දිග මෙම පීට්සා එක කිලෝ ග්‍රෑම් 12 ක බරකින් යුතු විය .

මෙම පීට්සාව නිර්මාණය කිරීම සදහා තක්කාලි කොංග්‍රසයක් (මිශ්‍රණයක්) මොසැරැල්ලා චීස්, කුකුළු මස්, සොසේජස්, විවිධ පාට සහ රස වර්ග 04කින් යුතු බෙල් පෙපර් , ඔලිව් තෙල් සහ බී ළූණු භාවිතා කර තිබූ අතර මෙම පීට්සා ව විනාඩි 08 ක කාළයකින් පුළුස්සා නිම කර ගැනීමට හැකි වී  තිබුණි.

මෙය රස බැලීම සදහා 100 කට අධික පිරිසක් මෙම හෝටල් පරිශ්‍රයට පැමිණ සිටියහ .

එකවර 08 දෙනෙකුට භුක්ති විදීමට හැකි වන පරිදි අගල් 25 ක් දිග වන ආකාරයට සකස් කර  පීට්සා කැබළි ඔවුන්ට ආහාර සදහා  පිපිරිනැමීම සිදු කෙරුණි .

ඉකුත් 2021 වසරේ දී මෙම හෝටලය අගල් 40 ක් දිග පීට්සා වක් ලෝක පීට්සා දිනය නිමිත්තෙන් සකස් කර තිබුණි.

lankadeepa.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article