spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිනිස් ජාවාරම්කරුවන් අලුත්ම ගැරිල්ල…

Must read

මේක තමයි මිනිස් ජාවාරම්කාරයන්ගේ ජනප්‍රියම ක්‍රමය. කොහේ හරි රටකට යන්න චාන්ස් එකක් තියනවා කියලා ඒකට මෙච්චර ගානක් යනවා කියලා ලොකූ ගානක් කියනවා. ඒක සමහරවිට ලක්ෂ 40ක්, 50ක්, සීයක් වගේ ගානක්.

හැබැයි ඒ ගමන්ම කියනවා මුලින් පොඩි ගානක් දෙන්න. වීසා ලැබුනට පස්සේ එක්කෝ ඒ රටට ගියාට පස්සේ ඉතුරු ගාන දෙන්න කියලා. ඒක අහපු ගමන් රට යන්න ඉන්න කෙනාගේ ඔළුවට යනවා “ආහ් මේක නම් බොරුවක් වෙන්න බෑ. දැනට පොඩි ගානයි නේ ඉල්ලන්නේ, බොරුවක් කරනවා නම් ඔක්කොම සල්ලි එක පාර ඉල්ලනවනේ, අනික සල්ලි ඉල්ලන්නේ වීසා ලැබුනමනේ”

වගේ අදහසක්. ඒක නිසා ටාර් ගාලා ගිහින් සල්ලි දෙනවා. දෙනවා විතරක් නෙමෙයි මේක දැනගත්තොත් වටේ ඉන්න උන් මේ ගමනට කෙලවයි කියලා හිතලා හරි, කිට හරි මේක කිව්වවොත් අපිට කලින් උනුත් යයි කියලා හරි මේ ගැන කටේ කෙල බිඳක් හෙලන්නෑ. දන්න කෙනෙකුගෙන්වත් අහන්නෑ. සල්ලි දීලා බලන් ඉන්නවි වීසා එක ගහලා ගෙදරටම ගෙනද් දෙනකම්.

ඊළඟට තමයි සෙල්ලම. ජවාරම්කාරයා අපිට ඔය කියපු කතාවම අනික් හැමෝටමත් කියනවා. උනුත් පෝලිමට අහුවෙනවා. අපිට තනි තනියෙන් නැති වෙන්නේ ලක්ෂයකි දෙකක් උනාට සීයක් විතර එහෙම එක පෙලට අහු උනාම අරූට කෝටියක් හමාරක් නිකම්ම සාක්කුවේ.

ඊට පස්සේ තමා සෙල්ලම පටන් ගන්නේ. වීසා ලැබෙනවා තියා අරන් ගිහිපු පාස්පෝට් එකවත් ලැබෙන්න. අද ලැබෙයි හෙට ලැබෙයි කියලා අරුත් මාස 6ක් අවුරුද්දක් විතර කල් අදිනවා. එතකොට සල්ලි දිපු උන්ට එතනම වැඩේ එපා වෙලා. අනික ලක්ෂ දෙක තුනකට පොලිසි ගිහිල්ලා නඩු දාගෙන වාත වෙන්නත් බෑනේ. ඒක් හොඳම එක තමයි හිත හදාගන්න විදිය.

” අම්මෝ හොඳ වෙලාවට ලක්ෂ දෙකයි දුන්නේ, නැත්තම් පහයි දුන්නේ හොඳ වෙලාවට මුළු ගානම දුන්නෑ.මේ තරමින් හරි බේරුණේ මොලේ පාවිච්චි කරපු නිසා තමයි. ඉතුරු ටික ගිහිල්ලා දෙන්නම් කියපු නිසි යන්තම් ගොඩ ගියා” කියලා හිත හදා ගන්නවා.

(Sri Lankans in UK FB page)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article