spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලංසලා කියපු විදියට සහන පිට සහන ! ගෑස් ගන්නත් පෝලිම්වල …

Must read

රාජ්‍ය ඇමති නිමල් ලංසා මිට කලකට ඉහතදි කියා තිබුනේ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු පැමිණිමෙන් පසු සහන පිට සහන ලැබෙන බවය.සහන කෙසේ වෙතත් මෙරට ජනයා නොවිදිනා දුක් විදන තත්වයකට දැන් පත්ව තිබේ.
ඊයේ ( 28) දිනයේ මිගමුව කටාන වයි හංදිය ප්‍රදේශයේ ගෑස් බෙදාහරින නියෝජිත ආයතනයක් අසල සිය ගණනක් ජනයා පෝලිම් වල පෙල ගැසි සිටියේ අවුරුද්දකට කිරිබතක් හදාගන්නවත් ගෑස් නැති තත්වයක් උදාවි තිබිම නිසාය.
සමාන්‍ය ජනයාට අදාල තතු එසේ වුවද පාර්ලිමේන්තුවේ මැති ඇමැත්තෝ 80 ගණනක් නත්තල් සමයේ විදේශ ගතව සිටින බව මාධ්‍ය විසින් වාර්ථා කොට‌ තිබුණි.
සිය දේශපාලන හාම්පුතා වු බැසිල් රාජපක්ෂගේ සහන දිම් ගැන වැඩියෙන් ම මාධ්‍ය හමුවේ කථා කල නිමල් ලංසාද පසුගිය දිනවල විදෙස් ගත විටින බව සැලය.
ඡායාරූප – සමන් තුෂාර

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article