spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලංසාගේ සංවර්ධනයේ හෙළුව ? – අරාජික බස් නැවතුම්පළේ උඩුමහළ මෙන්න ?

Must read

2(3.00pm)රටක  ජනතාවගේ   අවශ්‍යතා  අතර  මගී ප්‍රවාහනය    ප්‍රමු  ස්ථානයක්  ගනියි.  එසේම  මේ මගින්   රජයකට  විශාල  ආදායමක්ද    ලැබිය  හැකිබවද  සත්‍යයකි.  මෙය    පදනම්  කරගකිමින්    පුද්ගලිකව  මුදල්  ගසාකෑමේ   හැකියාවක්ද  පවතී.  මේ  පිළිබදව    ඕනෑතරම්   උදාහරණ   අ‍පේ  නගරයට  ඇත.  මීගමු  බස්  නැවතුම්පල  මීට  එක්  උදාහරණයකි.

හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සාගේ මූළිකත්වයෙන් දැනට වසර ගණනකට පෙර   ජනතා  අවශ්‍යතාවය  මතුකරමින්   ලහිලහියේ   තනන ලද  මේ  බස්  නැවතුම්පලෙහි   ලක්ෂ  30  වැනි  මුදලකට  කාමර   විකිණී ගිය බව  සදහන්වේ.  එහි  සැලසුමට   වඩා    අමතර  කොටස්  ද එකතුකරමින්  ( වැඩි මුදලක්   හොරාකෑමට)   මෙහි  ගොඩනැගීම්  කටයුතු  සිදුවිය.   මෙම ස්ථානය   විශාල  ජනතාවක්   ගැවසෙන   වෙළද  මධ්‍යස්ථානයක්  බවට  පත්වේයැයි  මවනලද   සිහින තුල  සිටි  ව්‍යාපාරිකයින්   යුහුසුළුව   මෙම කාමර  වෙන්කරගන්නා  ලදී.  නමුත්  අද  තත්වය   වෙනස්වී  වෙළදකටයුතු  සදහා  කිසි  ඉල්ලුමක්  නැතිව   ඔවුන්  බලවත්  කණස්සල්ලට  පත්ව  සිටිති.  මෙහි හිස්වු  කාමර  ජරාජීර්ණවී  ඇත.  පහත  මහල  මම්  ප්‍රමාණයකට   ප්‍රයෝජනයට   ගෙනඇති   නමුත්  2 වන  සහ  3 වන  මහල්වල  ප්‍රයෝජනයට  නොගෙන   අත්හැර  දමාඇති   කාමර  ගනනාවක්  දැකියහැක.  සමහර   කාමරවල  නාම පුවරු  පමණක්  දක්නට ඇත.  ජනතාව  නොගැවසෙන  නිසා  තිබෙන  වැසිකිළි  අබලන්ව  අපිරිසිදුව  පවතී.ඉහළ  මාලයේ   සමහරතැන්වල   ටයිල්  ගැලවී  ගොස් ඇත. තැනින්තැන    වැල් ඇද   සෝදනලද   රෙදි වැනීමට   යොදාගෙන ඇත.  සාමාන්‍ය  දුප්පත්   වැසියෙකුට  තම  නිවසේ  අළුත් වැඩියාවක්   හෝ  එවැනි  කටයුත්තක්  සදහා  සිමෙන්ති  උරයක්  ලබාගැනීම  සදහා  දේශපාලන   බලවතුන්   පසුපස   යාමට  සිදුව  ඇති  වකවානුවක   මේසා  විශාල  අපරාධයක්    සිදුවීම  කොතරම්  බරපතල  අපරාධයක්ද? මේවා දූෂණ විමර්ෂණ ඒකකයේ ඇසට තවමත් නොගැටෙන්නේ ඇයි?9 1 2 3 4 5 6 7 8

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article