spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලංසා ගැන හඬ පටයකුත් රන්ජා ලඟද ? කලබල වුනේ ඒකද ?

Must read

Created with GIMP

2015 ජනපතිවරණයේදි එක්සත් ජාතික පෙරමුණේ  ජනපති අපෙක්ෂක මෛත්‍රිපාල සිරිසේනට  මෙන්ම රනිල් වික්‍රමසිංහටද එරෙහිව  ඉතාම බාල වර්ගයේ විවේචනයන් කරමින් සිටි නිමල් ලංසා යහපාලන ජයග්‍රහණයත් සමගින් අංශ 180 කින් කැරකැවෙමින් අවසානයේ නතර වුයේ මෛත්‍රිගෙන් ඇමතිධුරයක්ද ලබාගෙනය.
මේ සියල්ල සදහා කපුකම කර තිබුනේ රාජිත සේනාරත්න විසින් යන්න එදා ප්‍රසිද්ධ රහසක් වි තිබුණි.
එපමණක් නොව ශ්‍රිලනිපයේ මධ්‍යම කාරක සභාවට පැනගැනිම සදහාද රාජිතගේ උදව්ව ලංසාට ලැබුණු බවද එකල කියැවුණි.
මේ අතර රන්ජන් රාමනායකගේ හඩපට කථාව එළියට පැමිණිමත් සමගින් නිමල් ලංසා ඉදිරියට පැන වැර යොදා හයේ පහරක් ගහන්නට ගන්නා උත්සාහයක් මේ දිනවල වාර්ථා වෙමින් තිබේ.
ඒ රන්ජන් සිය කාන්තා මිතුරියන්ට මාදිවෙලට පැමිණෙන ලෙස කර තිබුණ ආරාධනයන්  ගැන සදහන් කරමිනි.
රන්ජන්ගේ මාදිවෙල නිවස ගණිකා මඩමක් යැයි කියන්නට තරම් නිමල් ලංසා ඉදිරියට පැන තිබුණි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි නම සදහන් කිරිමට අකමැති වු ගම්පහ දිස්ත්‍රික් පොහොට්ටු දේශපාලකයෙකු කියා සිටියේ රන්ජන් ලග නිමල් ලංසා ගැනද හඩ පටයක් ඇතිදොයි යන සැකයද  ලංසාගේ  මේ කලබලයත් සමගින් මතුව ඇති බවය.
එමෙන්ම රාජපක්ෂ රෙජිමයෙන් යහපාලනයට බල්ටි ගසා යහපාලන දේශපාලකයන්ගේ උදව්වෙන් ඇමතිකම් ඇතුළු තවත් වරදාන ලබාගැනිම ගැන රන්ජන්ගේ හඩපට අස්සේ යමක් තිබිය හැකි බවට සැකයක්ද මේ වන විට දේශපාලන සමාජයේද කතිකාවක් බවට පත්ව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article