spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලංසා පවුලට පරද්දන්න බැරිවුන මිගමුව මෙවර පැරදුනේ කොහොමද ?

Must read

මීගමුව දැවැන්ත එජාප බලකොටුවකි. එය පරාජය කිරිමට සල්ලි විසි කිරිමේ  දේශපාලනයත් බඩු බෙදිමේ දේශපාලනයත් උපක්‍රමයක් ලෙසින් භාවිතා කළ නිමල් ලංසා අවස්ථා ගණනාවකදිම උත්සාහ කළද එය කිරිමට නොහැකි විය.election 2015
2015 ජනාධිපතිවරණයේදි මිගමුව ආසනය එජාපය විසින් ජයගන්නේ වැඩි ඡන්ද 27899  කිනි.ඒ නිමල් ලංසා පළාත් සභාවේ ඇමතිධුර 12 ක්ද හොඹවමින් සිටියදිය. එමෙන්ම සරත් ගුණරත්න නියෝජ්‍ය ඇමතිවරයෙකුව සිටියදිය. එපමණක් නොව මහනගර සභාවේ බලය පැවතියේද  ලංසා පවුල වෙතය.මහමැතිවරණ්‍ය 2915
එහෙත් දැවැන්ත පරාජයක් එදා අත්කරගෙන තිබුනි.
එමෙන්ම 2015 අගොස්තු පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලංසා පවුලට මිගමුව ජයගන්නට නොහැකි විය. වැඩිඡන්ද 29589 කින් එවර  මිගමුව අසුන එජාපය විසින් ජයගෙන තිබුණි.
ඉන් අනතුරුව 2018 පැවැති පළාත් පාළන මැතිවරණයේදි සිය සහෝදරායාව ජනතාව අතරට ගෙනගොස් මිගමුව ආසනය දිනාගැනිමට නොහැකි බව හොදින් දැනගත් නිමල් ලංසා ඒ වෙනුවෙන් තමන්ගේ රූපය යෙදු පොස්ටර් මෙන්ම කාඩ් බෙදමින් ගෙයක් ගෙයක් ගානේ යමින් ඡන්දය කළද අත්වුයේ දැවැන්ත පරාජයකි. මිගමුවේ ඡන්ද කොට්ටාශ 29 න් 19 ක්ම එදා ජයගත්තේ එජාපය විසිනි.ilegal lansa 8

නිමල් ලංසා ඉල්ලනවා යැයි ජනතාව මුලාකරමින්
නිමල් ලංසා ඉල්ලනවා යැයි ජනතාව මුලාකරමින්

NImal Lansa election

පසුගිය දා අගමැති මහින්ද රාජපක්ෂ මිගමුවට පැමිණි අවස්ථවේදි මිගමුව හැමවිටම පරාද විඇත්තේ නිමල් ලංසා ඡන්දය නොඉල්ලු අවස්ථා වලදි යැයි  එදා කිවද සැබැවින්ම දේශපාලනය ගැන දන්නා අය  සිදුවුයේ කුමක්දැයි දනි.ඇත්ත නම් නිමල ලංසා ඉල්ලු අවස්ථා ගණනාවකදිම ලංසා පරාදවි ඇති බවය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි මෙවර මිගමුව දිනවිමට එක්ව කටයුතු පොහොට්ටුවේ ජේෂ්ඨයන් පිරිසක් පවසා සිටියේ ලංසා පවුලට එය දිනවිමට නොහැකි බව දන්නා නිසාම ඒ වගකිම කරට ගෙන ඔවුන් ක්‍රියාත්මක වු බවය.
මෙහි තිරාණාත්මක හැරවුම් ලක්ෂය වුයේ පසුගිය ජුලි 02 වෙනිදා මිගමුව පෙරියමුල්ලේ පැවැති දහස් ගණනින් ලංසා විරෝධි පිරිස් එක්වු ථෙතිහාසිවක දැවැන්ත රැස්විම බවද ඔවුහ කියා සිටිති.පෙරියමුල්ල 3

rbt

පෙරියමුල්ල 1
එය සංවිධානය කිරිමට පෙරමුණ ගෙන තිබුනේ හිටපු නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න , හිටපු පළාත් සභා මන්ත්‍රි එම්. සකාවුල්ලා සහ ජේෂ්ඨ නාගරික මන්ත්‍රිවරයෙකු වු කපිල නන්දසුලෝචනය.රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධගේ මුලිකත්වයෙන් මිගමුව දිනවන සටන එදා ඇරඹු බව ඔවුන් වැඩිදුරටත් කියා  සිටියේය.
එදින රැස්විම ඇමතු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ කියා තිබුනේ මිගමුව වැඩිඡන්ද 10000 කට වැඩි ප්‍රමාණයකින් මෙවර දිනවිමට කටයුතු කරන බවය.
මේ පිළිබදව මිපුර අමතා කථා කළ හිටපු නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න කියා සිටියේ එදා පෙරියමුල්ලේදි මිගමුවේ ජනතාවට දුන් පොරොන්දුව ඉටුකරමින් මිගමුව මෙවර වැඩිඡන්ද 12000 කිනි ජයග්‍රහණය කරවිමට පියවර ගෙන ඇති බවය.ඒ පිලිබදව තමන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාටද දැනුම් දුන් බවද කියා සිටියේය.
මේ අනුව එක් දෙයක් පැහැදිලිය .
පොහොට්ටුවේ ජේෂ්ඨයන් විසින් මතුකරන්නට යෙදුන තවත් වැදගත් කරුණක් විය. එනම් රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ විසින් මීගමුවෙන් ලබාගන්නට යෙදුන මනාප 10000 පිළිබඳවය.
ඉන්දික අනුුරුද්ධට මනාපය ලකුණු කළ කිසිවෙකුත් නිමල් ලංසාට මනාප සටහන් නොකළ බව ඉතා පැහැදිලි යැයි ඔවුන් අවධාරණය කර සිටියේය.
ඒ අනුව ඉන්දික වෙනුවෙන් පැමිණ ඒ ලකුණු කළ පොහොට්ටුවේ ඡන්දය මිගමුවේ තිරාණාත්මක ජයග්‍රහණයට සැබැවින්ම අඩිතාලම යෙදු මිගමු ජයග්‍රහණයේ පසුබිම් කථාවේ තිත්ත ඇත්ත යැයිද සදහන් කර සිටියේය.
එනම් මිගමුවේ ජයග්‍රහණය පොහොට්ටුවේ ජේෂ්ඨයන් කිපදෙනෙකුගේම දැවැන්ත පරිශ්‍රමයක් තුල ලබාගත් එකක් බවත් නිමල් ලංසා එයට උප්පැන්න සහතික දෙන්නට කලබල විය යුතු නැති බවත් ඉතා අවධාරණයෙන් කියා සිටින බවද මීගමුවේ පොහොට්ටු ජේෂ්ඨයෝ කියා සිටිති.

මීගමුව වැඩි ඡන්ද 10000 කට වඩා වැඩි ගණනකින් දිනවන බව ඉන්දික කියයි(විඩියෝ )2020 ජුලි 02 වෙනිදා කළ කථාව

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article