spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලොව සුපිරිතම ටෙනිස් ශුරයාටත් කොරෝනා …….

Must read

Novak-Djokovic-Wimbedon-Fil_571_855ලොව අංක එකේ ටෙනිස් ශුරයා වන  Novak Djokovic හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.එම ක්‍රීඩකයාට අමතරව ඔහුගේ බිරිඳටද වෛරසය ආසාදනය වි ඇති බවයි වාර්තාවේ

මෙම ක්‍රීඩකයා විසින් සංවිධානය කරන ලද ප්‍රදර්ශනාත්මක ටෙනිස් තරගාවලියක් ක්‍රෝඒෂියාවේ, බල්කාන්ස් හිදී පවත්වනු ලැබූ අතර එයට සහභාගිවූ ලොව සුප්‍රසිද්ධ ටෙනිස් ක්‍රීඩකයින් වන rigor Dimitrov, Borna Coric සහ Viktor Troicki හට ද වෛරසය ආසාදනය වී ඇති බවට පසුගිය දින 02 ක කාලය තුලදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණ වලදී සනාථ වී තිබුණි.

මෙම තරගාවලියට සහභාගිවූ ක්‍රීඩකයින්ට ඇතිවූ අසනීප තත්ත්වයන් හේතුවෙන් තරගාවලිය අතර මැදදී අත්හිටුවීමට සංවිධායක මණ්ඩලය පියවර ගැනිමට සිදුවිය.Novak_Djokovic_Queen's_Club_2018

මෙම තරගාවලිය සඳහා සහභාගිවූ සෙසු ක්‍රීඩකයින්, ඔවුන්ගේ සහයක කණ්ඩායම්, තරග නිලධාරින් ඇතුළු විශාල පිරිසකට ඒ අනුව කොරෝනා වෛද්‍ය පරීක්ෂණ සිදුකිරිමට සිදුව ඇත. මෙම ක්‍රීඩකයින් ඇතුළු පිරිස් පසුගිය කාල සීමාවේදී සමාජ ශාලා තුල විනෝදවන අයුරු රැගත් ජයාරූප ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවී තිබු බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නට යෙදුනි.

ඇතිවී තිබෙන පසුබිම මත මෙම ක්‍රීඩකයින් ගෙන් භාහිර සමාජයට ද වෛරසය ව්‍යාප්ත වුවාද යන්න සැකයක් මේ වන විට මතුවී ඇති අතර මෙවැනි වසංගත තත්ත්වයක් මධ්‍යයේ මෙම තරගාවලිය සංවිධානය කිරීම සම්බන්ධයෙන් Novak Djokovic හට විවෙච්නයන්ද එල්ල වෙමින් තිබේ.

නව කොරෝනා වෛරසයෙන් පසු ක්‍රීඩා තරග ඇරඹීමට ලොවපුරා රටවල් බලා සිටින මොහොතේදී මතුවූ මෙම තත්ත්වයහේතුවෙන් වෛරසය සමග ක්‍රීඩාවන් යථාවත් කිරීමේ දැඩි ගැටළු සහගත තත්ත්වයක් මතුව තිබෙන බවයි ක්‍රීඩා විචාරකයින් සඳහන් කරමින් සිටි.Novak-Djokovic-thumbs-upමුලාශ්‍රය -නිව්සවයර්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article