spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලෝකය වෙලා ගත් කොරෝනා වලට බිලිවන්නේ පාලකයන් නොව අහිංසක ජනතාවයි !

Must read

bergamoලෝකය වෙලා ගත් කොරෝනා වලින් පලකයන්ගේ ජීවිත එයට බිලි වන්නේ නැත.බිලිවන්නේ අහිංසක ඔබේ ජීවිතයි..

චීනයෙන් ආරම්භ වූ කොරෝනා වෛරසය මේ වන විට ලෝකයම වෙලා ගනිමින් තිබේ. රජයක් ගන්නා එක් වැරදී තීරණක් හේතුවෙන් අහිංසක ජනතාවගේ ජීවිත වලින් වන්දී ගෙවන ආකාරය අප ඇස් ඉදිරිපිට තිබේ.

චිනයේ ආරම්භ වූ මෙම කොරෝනා වෛරසය මේ වන විට ඔවුන් පාලන කර තිබේ. ඒය හොදින් හෝ නරකින් සිදු කර තිබේ. එපමනක් නොව මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් අගතියට පත් රට වලට ණය සහ ආධාර ලබාදීමද මේ වන විට චීනය සිදු කරයි.මහින්ද රාජපක්ෂ චීනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500ක ක්ෂණික ණයක් ලබාගෙන ඇති බවද වාර්තා වේ.( ජන්ද කරන්න වියදම රුපියල් කෝටි 700ක් ඒක වෙනම කතාවකී).

චීනය එසේ ශක්තිමත් ලෙස නැවත නැගීටීන විට චීනයට පසු වැඩිම හානීය සිදු වෙමින් පවතින්නෙ යුරෝපයටයි.

එයින් දැඩිම හානි සිදුවෙමින් තිබෙන්නේ ස්පාඤ්ඤයට සහ ඉතාලියටයි. එයට හේතුවක් තිබේ.මෙම කොරෝනා වෛරසය රට තුලට ඇතුළුවී තිබියදී ස්පාඤ්ඤය පාලකයන් මේ වසංගතය ගැන නිසි අවබොදයක් නොතිබීම හේතුවෙනී. ස්පාඤ්ඤයේ විශාල උත්සව, විශාල වශයෙන් සෙනග ගැවසෙන ප්‍රසංග , රැස්වීම් සීමා කලේ නැත. රජයක් වශයෙන් කොරෝනා වෛරසය ගැන අදහසක් නොතිබු බැවින් පෙර සුදස්නමක් නොතිබූ බැවින් මේ වන විට යුරෝපයේ දැඩිම අවදානම් රටවල් අතර ප්‍රධාන තැනක් ගනී.

ඒමෙන්ම ඉන් එහා ගිය වගකීම් විරහිත රට බවට පත්වූයෙ ඉතාලියයි.ඉතාලියේ පාලකයන් විසින් පසුගිය පෙබරවාරි 21දා කොරෝනා රොගීන් 03 දෙනකු හමු වී ඉන් දින පිහිපයකට පසු තවත් රෝගින් 02ක් හමු විය.න්
එසේ කොරෝනා රෝගින් හමුවී තිබියදීත් රටට ආර්ථික වශයෙන් එය බලපාන බව සලකා ජනතවට මෙම කොරෝනා වෛරසය ගැන නිවැරදි තත්වය වටහා නොදුන්නේය. ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් ගුවන්තොටුපොළට ගොස් ඔවුන්ගේ සමාජ ජාල(facebook ) ගිණුම් හරහා සජීවීව ඇවිත් කියා සිටියේ ඉතාලිය ලෝකයේන්ම ලස්සන රටක් කිසි දෙයකට බය වෙන්න එපා ඉතාලිය ආරක්ෂිතයි කියාය.
අද යුධ මානසිකත්වයෙන් සිටින වත් මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කරනා සේ වගකීම් විරහිත ප්‍රකාශ සිදු කලේය.

ඉතාලි රජය කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් තිබියදි කල්පනා කලේ ජනතාවගේ ජීවිත ගැන නොව ආර්ථිකය ගැන පමනී. ඔවුන් මෙම වගකීම් විරහිත ප්‍රකාශ දිගින් දිගටම සිදු කරමින් සිටින අතරතුර ඉතාලියේ ප්‍රධාන දේශපාලන පක්ෂයක සබාපති කෙනකු කොරෝනා වෛරසයට ගොදුරු විය එතැන් පටන් ඉතාලි රජය භූමිතෙල් ගෑවුන ගැරඩී සේ දැඩි ක්‍රියා මාර්ග ගෙන විසදිම් සයන්නට පටන් ගත්තේය.එතෙක් ආර්ථිකය සහ ඔවුන්ගේ අරමුණු ගැන සිත සිත දිනෙන් දින කල් ගත කලේය.

රජය කියන කතා දොතින් පිළිගන්නා ඉතාලි ජනතව ඒ වන විට රජය විසින් ජනතාවගේ ඔලු ගෙඩි වලට දැමු මතයේ සිටිමින් මෙම කොරෝනා වෛරසයේ බරපතල කම වටහා නොගෙන ඔහේ අයාලයේ ගියේය. ඉතාලිය රජය අශ්වයා ගිය පසු අස්තාලය වැසීම සිදු කලේ සමස්ත ඉතස්ලීය පමනක් නොව තවත් රටවල් විශාල ප්‍රමාණයකට කොරෝනා වෛරසය බෙදා හරිමිනී.කොරෝනා වෛරසයේ යුරෝපා ව්‍යාප්තිය ගැන රූපයක් CNN නාලිකාව විසින් විකාශය කිරිමත් සමග ඉතාලි රජය විසින් එය හෙළා දකිමින් විවිද ප්‍රකාශ සිදු කිරිම ඉතාලිය පැත්තෙන් සිදු කලේය.එහෙත් මේ වන විට ශ්‍රී ලංකා රජය පවා ඉතාලි රජයට දෝෂාරෝපණය කරන්නේ ඉතාලියෙන් කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවට පැමිණි බවටයි.

ඉතාලිය තුලින් මෙය ව්‍යාප්ත වීමට හේතුව ලෝකයේ කුඩාම රාජ්‍ය වන වතිකානුව පිහිටා තිබෙන්නේ ඉතාලියේ වීම හේතුවෙන් ලොව පුරා සංචාරකයන් විශාල වශයෙන් ඇතුලු වීම සහ පිට විම සිදු වන රටකී.එහෙත් රජයක් වශයෙන් ඉතාලි ජනතාව ආරක්ෂා කිරිම ඔවුන්ගේ වගකීමයි එහෙත් ගුවන්තොටුපොළ වලින් ජනතාව මාරු වන විට කිසිදු පරික්ෂාවක් ඉත්සලියේ ගුවන්තොටුපොළ වලින් සිදු නොවීය.එම හේතුව නිසා රට තුල රෝගය ව්‍යාප්ත වීම සහ වෙනත් රට වලට රෝගය පැතිරී යාම සිදු විය.

කෙසේ වෙතත් මේ වන විට චීනයට පසු වැඩීම හානිය ඉතාලියට සිදු වෙමින් තිබේ.ඊයේ දිනය වන විට, දින 26 ක් තුල ඉතාලියේ කොරෝනා වෛරසය ආසාදිත පිරිස 35713ක් වන අතර එක් දිනක් තුල මරණයට පත්වු වැඩිම ගනන 475 ක් වන විට, කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් දින 26 ක් තුල මරණයට පත් සමස්තය 2978 බව වාර්තා වේ. මේ වන විට රෝහල් සෙවය සදහා සහය වන ලෙස වෛද්‍ය පීඨ වල සිසුන්ගෙන් ඉතාලි රජය ඉල්ලිමක් කර ඇති බව වාර්තා වේ.

කණගාටුදායකයම තත්වය නම් උතුරු ඉතාලියේ කෝමො (COMO)ප්‍රෙදේශයේ සුසාන භූමි තුල අවසන් කටයුතු සිදු කිරීමට පවා සුසාන භූමි වල ඉඩ කඩ නොමැති වී එම මළ සිරුරු ලොම්බර්දියා පළාතෙන් පිට සුසාන භූමි වෙත ගෙන යාමට සිදු වීමයි.ඉතාලි හමුදාවට අයත් ට්‍රක් රථ 30ක් යොදා ගනිමින් ඊයේ එම කටයුත්ත සිදු කෙරුණු.මෙතරම් ව්‍යසනයක් සිදු වූයේ ඉතාලි රජය ගැන ජනතාව තබපු විස්වාසය හා සිදු කල ප්‍රකාශ දෝත් මුදුනින් පිළිගැනීමයි.

කිසිදු රජයක් ජනතාව ගැන සිතන්නට කලින් උන්ගේ බලය ගැන සිතීම පමනක් සිදු කරන අතර සැබෑ තත්වය වසං කරනු ඇත. තත්වය උත්සන්න වී වසං කිරීමට නොහැකි වන වෙලාවක් එනු ඇත. එවිට ඔය අද පාරම් බාන කවුරු වුවත් ඒ මොහොතේ කියන්නේ ජනතාවට ගෙවල් තුල සිටින්න මේක සැහැල්ලුවට ගත යුතු තත්වයක් නොවේ. රොහල් වල ඉඩ නෑ කියා පමනී.ඉතාලි රජය සහ රොහල් බලධාරීන් පවා දැන් එම ප්‍රකාශ සිදු කරමින් සිටී.

මෙම උදාහරණ මොන රටටත් පොදුය. ගිනි අවි සහ බොම්බ වලින් බේරි යුද්ධය ජයග්‍රහණය කල බව කියන පලකයන් ජිව අවි ගැන සහ වසංගත ගැන අවභොදයක් ලබා ගන්නේ නම් ඉතා වැදගත් ය. යුධ ජයග්‍රහණය වලට සමාන කර අවසානයේ ඉතාලියට අත්වී තිබෙන ඉරණම අත්වීමට සම්භාවිතාව ඉතා වැඩිය.

ජනතාවට දෙයක් කිව යුතුමය.

මෙම කොරෝනා වෛරසය උච්චතම අවස්තාව වන තෙක් රජයක් සියල්ල වසං කර එතෙක් ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා කොරෝනා වෛරසය පාවිච්ව් කරණු ඇත. බුදුන්ගේ ධාතු බලය ලබා ගන්න පාවිච්චි කල අය කොරෝනා වෛරසය බාවිතා කලේ නැත්නම් තමා පුදුමය වන්නේ.මේ වන විට ලෝකයෙන්ම හමු වූ ප්‍රථම ශ්‍රී ලාංකික රොගියා වූ කාන්තාව පවා මේ වන විට මැතිවරණ ප්‍රචාරක කටයුතු කරමින් සිටී.

ඉතාලි රජය කොරෝනා වෛරසය රට තුලට ඇතුළු වූ මොහොතේ ඉතාලියේ බල කුහකයෝ සිදු කල ප්‍රකාශ විස්වාස කොට,ජනතාව අද වැටී තිබෙන්නේ ඔවුන්ගෙ මළ මීනීය පවා තම ගම් දනව් වල තැන්පත් කිරිමට පවා නොහැකී තත්වයකට ය.ඉතාලියේ එවැනි තත්වයක් උදා වී ඇත්නම්, ජාතිය අමතා පරිප්පු , සැමන් අඩු කල බව ප්‍රකාශ කල හමුදාව පාවා දුන් වැඩ බැරි ටාසන්ලා කියන කතා ගැන ව්‍යසනය දෑස් වලින් දකින අපට අදහසක් නැත.?ඔබේ ජීවිතය ගැන ඔබ සිතන්න..!
කොරෝනා වෛරසය තුලින් කිසිදු පාලකයෙක් මිය යන්නේ නැත.ඔවුන් ආරක්ෂා සහිතය.එයට හොදම උදාහරණ පාස්කු ඉරිදා ප්‍රහාරයයි..!
ලක්දේස් විජේසිංහ -මිලානෝ
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article