spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වකුගඩු රෝගීන්ට මීගමුව මහ රෝහලෙන් සුභ ආරංචියක්

Must read

IMG-20191009-WA0009

මීගමුව මහ රෝහලට අත්‍යවශ්‍යව තිබුනු වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ අංශයක් පිළිබඳව වසර තුනක් තිස්සේ සාකච්ඡාවට භාජනයවූ කාරණයකි .පසුගිය කාලය තුළ ඒ සඳහා රෝහල් බලධාරීන් විශාල පරිශ්‍රමයක් දැරූබව අපි දනිමු . නමුත් විවිධ අඩුපාඩු මත මේ වනතෙක් මෙය ඉටුකරගැනීමට නොහැකි තත්වයක තිබින . නමුත් මේ වනවිට එකී අඩුපාඩු මග හරවා ගනිමින් එහි අවසානයක් කරා ලඟාවී ඇත . මේ අනුව මේ සතියේ මෙහි වැඩ ඇරඹීමට නියමිතය.
මීගමුව මහ රෝහල අංග සම්පූර්ණ රෝහලක් ලෙස සකස් විය යුත්තේ ඇයිද? යන්න අප මීට පෙරද මතු කර මින් ලිපියක් පල කලෙමු . වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ අංශයක් ගොඩනැගීම යනු රෝහලට අවශ්‍යව පවතින එකී තත්වය සහතික කෙරෙන තවත් එක් අවස්ථාවකි .තවත් පැත්තකින් මෙය අසරණ රෝගීන්ට වැයවන විශාල මුදලක් ඉතිරි කර ගැනීමට ලැබෙන අවස්ථාවකි .
මෙහිදී මෙම රෝගය සඳහා ලේ පිරිසිදු කිරීමේ ක්‍රියාවලියට පුද්ගලික රෝහලකදී එක්වරකට රු. 8000/ ක් පමණ වැයවන බවත් කරන වාර ගනන අනුව එය වැඩිවන බවත් අපි දනිමු . ඒනිසා මේ සතියේ සිදු කෙරෙන මෙම කටයුත්තට අපේ සුභ පැතුම් එක් කරමු .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article