spot_img
spot_img
Tuesday, April 30, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වයඹ පළාතේ ගුරු පුරප්පාඩු ගණන් බැලීම් නිවැරදිද ?

Must read

1448513875_t2015 වසරේදී  උපාධිධාරී ගුරුවරුන් බදවාගැනීම් ගැසට් කිරීමේදී සංගීත විෂය සදහා පුරප්පාඩු සදහන්කොට ඇත්තේ එක් සංගීත ගුරුවරයෙක් සදහා පමණි.  වයඹ පළාත් සභාව විසින් මෙම ගුරු පුරප්පාඩු ගැසට් කර ඇති අතර මේ දිනවල මෙම උපාධිධාරීන් ගුරුවරුන් බදවාගැනීම සදහා සම්මුඛ පරීක්ෂණ  කැදවා තිබේ. වයඹ පළාත තුළ ඇති ගුරු පුරප්පාඩු සම්බන්ධයෙන් සලකා බලන විට සංගීත විෂය සදහා ඇත්තේ එක් ගුරුවරයෙකුගේ පුරප්පාඩුවක් නොවන බව දෙකේ පන්තියේ සිසුවෙකුට පවා ගණන් හදා කිව හැකි කාරණාවක් වුවත් මෙය අධ්‍යාපන ක්ෂේත්‍රෙය් පවතින අර්බුදයේම කොටසක් බව වයඹඅධ්‍යාපනවේදීන් පවසති. මෙම ගැටළුව සංගීත විෂයට පමණක් අදාළ නොවන බවත් අනෙකුත් විෂයන් සදහා ඉදිරිපත් කර ඇති පුරප්පාඩු දෙස බලන විට පෙනී යන බව ඔවුන් පවසයි.  මෙයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ගුරු පුරප්පාඩු පිළිබදව ගණන් බැලීමේ ක්‍රමවේදය බවද ගුරු සංගම් විසින් මතුකරන ප්‍රශ්නයයි.  වයඹ පළාතේ බොහෝ පාසල් වල තමන්ට අදාළ නොවන විෂයන් උගන්වන අවස්ථා බහුලය. අදාළ විෂයට සුදුසුකම් නොමැති ගුරුවරුන් එම විෂය පාසල් තුළ උගන්වන බවත් මේ හේතු නිසා පාසල් වලින් ගුරු පුරප්පාඩු පිළිබදව ලබාදෙන දත්ත වල නිරවද්‍යභාවය පිළිබදව පරස්පරතා ඇතිවී  සාවද්‍ය තොරතුරු අධ්‍යාපන බලධාරීන් වෙත යොමු වන බව ගුරු සංගම් විසින් මතුකරන කරුණකි.
වයඹ පළාත තුළ ඇති ගුරු හිගය මෙන්ම පුරප්පාඩු ගණන් බැලීමේ ගැටළුව පිළිබදව දිගින් දිගටම පළාත්  අධ්‍යාපන බලධාරීන් වෙත යොමුකළත් මෙය නිවරදි කිරීමේ ක්‍රමවේදයක් තවමත් ආරම්භ වී නොමැති බව වයඹ අධ්‍යාපන ක්ෂේත්‍රෙයන් වාර්තා වේ. කෙසේ වෙතත් වයඹ පළාතේ ඇති ගුරු හිගය පියවීම සදහා අවශ්‍ය උපාධිධාරීන් අතිරික්තයක් ද තිබෙන අතර එසේ තිබියදී මේ ආකාරයට පුරප්පාඩු ගණන් බැලීමට නිවැරදි ක්‍රමයක් ක්‍රියාත්මක නොවීම වයඹ පළාතේ දරු පරපුරට මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයට ද සිදුකරන බරපතල අසාධාරණයක් බව රැකියා විරහිත  සංගීත උපාධිධාරීන්ගේ අදහසයි.

මාලනී දිසානායක

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article