spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වාහන ආනයනයට නැවතත් ඉඩ : කෝටා ක්‍රමයක් එයි

Must read

නිශ්චිත කෝටාවකට යටත්ව නැවත මෙරටට වාහන ආනයනය කිරීම සඳහා රජය සහ වාහන ආනයන කරුවන් එකඟතාවකට පැමිණ ඇත.  මෙවැනි එකඟතාවට පැමිණ ඇත්තේ, මෝටර් රථ ආනයන ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම පාර්ශ්වවල සහභාගීත්වයෙන් පසුගිය 04 වැනිදා පැවැති විශේෂ සාකච්ඡාවකදීය.    ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන්, ආනයන අපනයන පාලක, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්, රේගු අධ්‍යක්ෂ ජෙනරාල්, ශ්‍රී ලංකා මහ බැංකු නියෝජිතයන්, පාවිච්චි කළ වාහන ආනයනකරුවන් සහ අලුත් වාහන ආනයන සමාගම් ඇතුළු පාර්ශ්ව රැසක් සහභාගි වී තිබේ.  

  කෝටා ක්‍රමයකට:    

ඒ අනුව සීමාවකින් තොරව විදේශ විනිමය රටින් පිටතට ගලායෑම පාලනය කරමින් වසරකට මෙරටට වාහන ආනයනය කළ හැකි ඩොලර් (විදේශ විනිමය) සීමාවක් පනවනු ඇති අතර එම වාර්ෂික ඩොලර් ප්‍රමාණය කෝටාවක් ලෙස ලියාපදිංචි සහ නව වාහන ආනයනකරුවන් අතර බෙදාදෙනු ලැබේ. 

  ඒ අනුව ආනයනකරුවන්ට වාහන ආනයනය කිරීමේ අවකාශය ලැබෙනුයේ සිය කෝටාවේ සඳහන් විදේශ විනිමය ප්‍රමාණය දක්වා පමණි.    සාකච්ඡාවේදී පැමිණි මෙම එකඟතාවට අනුව අවසන් තීරණයකට එළඹීම සඳහා වාහන ආනයනකරුවන්ගේ වැඩිදුර යෝජනා ලබාගැනීම වෙනුවෙන් සති 02ක කාලයක් රජය විසින් ලබාදී ඇත.      

දැනට අධික ලෙස ඉහළ ගොස් ඇති දේශීය වෙළෙඳපොළේ වාහන මිල ගණන් කඩිනමින් පහත දමා ගැනුම්කරුවන්ට සහනයක් ලබාදීම මෙම එකඟතාවේ ප්‍රධාන අරමුණ වී තිබේ.    
මේ වනවිට වෙළෙඳපොළේ වාහන මිල ඉතාම අධික ලෙස ඉහළ ගොස් ඇත්තේ වර්තමාන ආණ්ඩුව බලයට පත්වූ පසු පසුගිය වසරේ (2020) මැයි මස 22 දා අගමැති මහින්ද රාජපක්ෂ විසින් ප්‍රකාශයට පත් කෙරුණු අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් වාහන ආනයනය මුළුමනින්ම තහනම් කිරීම හේතුවෙනි.  

ආණ්ඩුව මෙලෙස වාහන ආනයනය මුළුමනින්ම තහනම් කළේ රට මුහුණ පා ඇති විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ ඒමට බව බලධරයන් එම අවස්ථාවේදී ප්‍රකාශ කළේය.   රජය මෝටර් වාහන ආනයනයෙන් උපයන බදු ආදායම 2019දී රුපියල් බිලියන 81.5ක් වූ අතර එය පසුගිය වසරේ පළමු මාස අටට රුපියල් බිලියන 43.1 දක්වා අඩු වී ඇත.     (මුලාශ්‍රය- අරුණ)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article