spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වැඩමුළුවකට යැයි කියා පාසැල් දරුවන් කැදවා දේශපාලන සංදර්ශණ තැබු සියළු දෙනාටම වැඩවරදින ලකුණු !

Must read

dayan B day 1අධ්‍යාපන බලධාරින්ට වැඩමුළුවකට යැයි කියා නගර සභාවට කැදවා තිබුණ ළමුන් සමගින් සිය උපන් දිනය සමරන්නට ගිය මිගමුවේ දේශපාලකයෙකු සිය මාධ්‍ය සංදර්ශණ දේශපාලනයේ හොම්බෙන් ගිය ක්‍රියාව බවට මෙය පත්වේවි යැයි කිසිදිනක නොසිතන්නට ඇත.
ගහින් ගහට ඇණ ඇණ යන කොට්ටෝරුවාගේ හොට පැටලෙන්නේ  කෙහෙල් ගහට කොටපු දාට යැයි ජනවහරේ කථාවක් තිබේ.
දැන් අදාල දේශපාලකයාට සිදුව ඇත්තේද එවැන්නකි.
නගර සභාවටත් එහි දේපලත් නිළධාරින් සහ සේවකයන් සියල්ලත්  සිය දේශපාලන උවමනාවන් සදහා කිසිදු හිරිකිතයකින් තොරව පාවිච්චි කරන අදාල දේශපාලකයා මේ පාසැල් දරුවන් ගැනද සිතන්නට ඇත්තේ එලෙසින්මය.
මේ නිසාම අදාල පාසැල් වල දරුවන්ගේ මානව හිමිකම් ගැන හෝ ඒකි පාසැල්වල බලධාරින් මේ දරුවන්ව පාසැලට යොමුකරන ලද්දේ කුමකටදැයි වත් කිසිදු වගකට නොගනිමින් තමන්ගේ දේශපාලන මාධ්‍ය සංදර්ශණයක් බවට මේ දරුවන්ව සහ අදාල වැඩමුළුව පත් කරගැනිමට කටයුතු කර තිබිම දැන් ඔහුට සහ ඔහට මේ ගොන් යෝජනා ඉදිරිපත්කරන නඩයටම කැරකැවුණ පාරාවලල්ලක් බවට පත්ව තිබේ.
මේ පටන් ගත්තා පමණි.
මේ නඩයට ඉදිරියේදි මේ සියල්ලට පිළිතුරු දිමට සිදුවනු ඇත.
අධ්‍යපාන කාර්යාලයට වැඩමුළුවකට යැයි කියා පාසැල් දරුවන් රැගෙන ආවේ නම් වැඩමුළුවක් හැර  දේශපාලකයන්ගේ උපන් දිනවලට කේක් කපන්නට ඒ දරුවන් යොදාගැනිමට නගරයේ ප්‍රධාන පුරවැසියාට හෝ ඔහුගේ ගොන් නඩයේ කාටවත්ම බැරිය .ඒ පිලිබද මිගමුවේ අධ්‍යාපන කාර්යාලයේ ඉහල නිළධාරින් ඉතා පැහැදිලි ස්ථාවරයක සිටි.
මේ දේශපාලකයා සහ පුස්තකාලයේ අදාල බළධාරින් සිදුකර ඇත්තේ  බරපතල වැරැද්දකි.
මේ සම්බන්ධයෙන් මීගමුව අධ්‍යාපන කාර්යාලයේ බළධාරින් විසින් නිසි ක්‍රියාමාර්ග නොපමාව ගත යුතුව තිබේ.
ජනතාවට පමණක් වගකියන ප්‍රාදේශිය මාධ්‍යයක් මිගමුවේ තිබිම නිසා අදාල දේශපාලකයා විසින් කර ඇති වැරැද්දේ බරපතල කම දැන්  ඉතාමත් නිවරදි ආකාරයෙන් පෙන්වා දි ඇත.
ඒය ආදල දේශපාලකයාට කොයිතරම් නම් බලපා ඇතිදැයි තේරෙන්නේ ඔහු විසින් මහත් උජාරුවෙන් පාසැල් දරුවන් සමගින් මාගේ උපන් දිනය සැමරුවා යැයි සටහන් තබා  කේක් කපා ඒවා කවා ගත් ජායාරූප සියල්ල දැන් ඔහුගේ මාධ්‍ය සංදර්ශණ මුහුණු පොතෙන් ඉවත් කර තිබේ.නැතිනම් මකා දමා තිබේ.ඉන් කියැවෙන්නේ කුමක්ද ? ( කෙසේ වෙතත් අදාල දරුවන්ගේ ඡයාරූප දේශපාලකයෙකුගේ මුහුණු පොතෙන් තබා නොගෙන මකාදැමිම අදාල දේශපාලකයාවිසින් ගෙන ඇති හොද තින්දුවකි )
කොටටොරුවා කෙහෙල් ගහට කොටා ඇතැයි අප කිවේ ඒ නිසාය.
අදාල දේශපාලකයාත් ඔහුගේ මෝඩ උපදේශකයන් රැළත් කල්පනා කරනවා ඇත්තේ කර ඇති බරපතල වැරැද්ද මුහුණු පොතේ අදාල ප්‍රදර්ශණයෙන් ඉවත් කරගත් පමණින් ප්‍රශ්ණය අවසන් වෙනවා යැයි කියාය.
නැත.
එහෙත් එකක් පැහැදිලිය.
සිය මුහුණු පොතේ පළකරන් ලද ඒ ජායාරූප සියල්ලත් අදාල සටහනුත් මකා දැමිම දක්වා පල්ලම් බැස ඇති බවය.
පරාජය භාරගෙන ඇති බවය.
(2018 ඔක්තෝබර් 10 වනද අලුයම 12.45 ට අදාල දේශපාලකයාගේ මුහුණු පොත විමර්ශන කරන විට අපට දැකගත හැකි වුයේ සැමරුම් දෙකක පින්තුර සහ විස්තර පමණි.
කලින් පළකර තිබු පාසැල් දරුවන් ව කේක් කැපිමට යොදාගත් මුළු විස්තරම මේ වන විට මුහුණු පොතෙන් ඉවත්කර දමා ඇත.)dayan with team
dayan with old

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article