spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වැඩ කරන කොට මුඛ ආවරණ අනිවාර්යයෙන් පළදින්න – සෞඛ්‍ය අමාත්‍යාංශය

Must read

sharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
වැඩ කරන විට අනිවාර්යයෙන් මුඛ ආවරණ පළදින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩ කරන ස්ථාන සම්බන්ධයෙන් ලබා දුන්කොරෝනා මැඩලීමේ උපදෙස් මාලාව මගින් දැනුම් දෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම මාර්ගෝපදේශ මාලාවේ රෝගය වළක්වා ගැනීමේ උපදෙස් යටතේ දැක්වෙන පරිදි “සියළුම රාජකාරියේ නියුතු සේවකයන් මුඛ ආවරණ පැළදිය යුතු” වේ.

එම මුඛ ආවරණ පැළද සිටින විට ඒවා ඇල්ලීමෙන් වළකින් ලෙසත්, එවා පාවිචියෙන් පසු වැසිය හැකි අප ද්‍රව්‍ය බහාලුමකට දමා අත් හොදින් සෝදා ගත යුතු බවත් එම උපදෙස් මාලාවේ දක්වා ඇත.

එසේම, ප්‍රවේශ පත්, සුපිරි වෙළද සැල්, බැංකු යනාදී සේවා කවුන්ටර වල සිටින සේවකයින්ට ලබා දී ඇති විශේෂ උපදෙස්වල අවධාරණය කර ඇත්තේ, “සෑම විටම මුඛ ආවරණ පැළද සිටිය යුතු” බවයි.

එම මුඛ ආවරණ කිසිදු විටක නැවත පාවිච්චියට ගත නොගත යුතු බවද එම උපදෙස් වල දැක්වේ.

මීට අමතරව, සේවකයන් සේවා ස්ථානයට ඇතුළු වන විට ඔවුන්ගේ උෂ්ණත්වය පරීක්ෂා කළ යුතු බවත්, අවම ලෙස එකිනෙකාට මීටරයක් පරතරකින් සිටිය යුතු බවත්, අත් වැසුම් පාවිච්චි කළ යුතු බවත්, අන් අයගේ දුරකතන, පෑන් යනාදී භාණ්ඩ තවත් අය පාවිච්චි නොකළ යුතු බවත් යනාදී උපදෙස් ගණනාවක් එහි දක්වා ඇත.

එසේම, සේවකයන්ට අවශ්‍ය මුඛ ආවරණ ඇතුළු අවශ්‍ය පහසුකම් සපයා දෙන ලෙසට හාම්පුතුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දෙයි.

සේවකයන් සේවය නිමවී නිවසට ඇතුළු වීමට පෙර ස්නානය කර ඇතුළු වන ලෙසද එම උපදෙස් වල දැක්වේ.

එම සම්පූර්ණ මාර්ගෝපදේශ මාලාව ඉංග්‍රීසි බසින් පහත දක්වා ඇත.

theleader.lk

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article