spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වැනල් 4 මැක්රේට එරෙහිව ගුවන්තොටේ විරෝධතාවක්

Must read

chanle 4දෙවන සංස්කරණය –
යුද්ධයේ අවසන් සමයේ සිදුව ඇති අති අමානුෂික ඝාතනයන් චිත්‍රපටයක් නිපයු පිළිබදව බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාවේ කැලම් මැක්රේ අද ලංකාවට පැමිණිමට නියමිතය.
ඔහුගේ පැමිණිමට එරෙහිව ජාතිය ගොඩනැගිමේ සංසදය නම් වු සංවිධානයක් විසින් මේ සටහන (2013 නොවැ 11 සවස 1.55 pm )තැබෙන මොහොතේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගින් පැමිණිමේ පර්යන්තය අසල 200 ක පමණ පිරිසක් විසින් උද්ඝෝණයක නියැලි සිටින බව  වාර්ථා වේ.
මැක්රේ මහතා පැමිණිමේ පර්යන්තයෙන් එළියට පැමිණිමට යද්දි උද්ෙඝා්ෂකයන් ඒ මහ ඇහිරිමට කටයුතු කරන බව දැනගත් ඔහු පර්යන්තයේ වෙනත් දොරටුවක් භාවිතා කිරිමට ගියද එයද උද්ඝෝෂකයන් විසින් වලක්වා තිබේ.
පොලිසියේ සුළු පිරිසක් බලා සිටියද උද්ඝෝෂකයන් ඉන් ඉන් ඉවත් කිරිමට කිසිදු පියවරක් ගෙන තිබුනේ නැත. සාමාන්‍යයෙන් ඒ කලාපය සලකන්නේ විශේෂිත ආරක්ෂක කලාපක් ලෙසිනි.
වෑන් රථ සහ බස් රථවලින් පැමිණ සිටි මේ පිරිස කිසියම් දේශපාලකයෙකුගේ ආධාරකරුවන් පිරිසක් බවද වාර්ථා වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article