spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වැලිකඩ කොවිඩ් රැදවියා නිසා රජයේ මුද්‍රණාල සේවකයන් අර්බුදයක ?

Must read

Corona-2020.07.07වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු වශයෙන් තහවුරු වීමත් සමග බන්ධනාගාරයට මායිම්ව තිබෙන රජයේ මුද්‍රණාලයේ කටයුතු නවතා සේවකයින්  නිවෙස් වෙත යැවීමට කටයුතු කර  ඇතැයි theleader.lkවෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.වැඩිදුරටත් එහි සඳහන් වන්නේ
රජයේ මුද්‍රණාලයේ මුද්‍රණාලධිපතිනිය ගේ සැමියා බන්ධනාගාරයේ ඉහල නිලධාරියකු වන අතර  ඇය හා පවුලේ සාමාජිකයින් පදිංචිව සිටින්නේ ද බන්ධනාගාරය තුළ  පිහිටි නිල නිවසනයක් තුල බවය.

බන්ධනාගාරයෙන් හඳුනාගත් රෝගියා සම්බන්ධයෙන් සහ අනෙකුත් ආශ්‍රිතයන් පීසීආර් පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු සිදු කරමින් පවතින අතර, මෙම පරීක්ෂණ සඳහා රිමාන්ඩ් බන්ධනාගාර රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් ද බඳුන් කරනු ලබන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව නිකුත් කළ නිවේදනයකද දැක්වේ.

කෙසේවුවද රජයේ මුද්‍රණාලයේ මුද්‍රණාලධිපතිනිය මේවනවිටත් රාජකාරි කටයුතු වල නිරතව සිටින බවත්,  මේ දක්වා පීසීආර් පරීක්ෂණයට නොමැති බැවින් මුද්‍රණාල සේවකයින් දැඩි බියකින් පසුවන බවත් එහි වෘත්තීය සමිති ප්‍රධානියකු පැවසු බවද theleader.lkවෙබ් අඩවියේ සදහන්ය
මුලාශ්‍රය – theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article