spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

විකුණ ගන්න බැරිවුන මාළුවලට ආණ්ඩුව කරන්න යනදේ ?

Must read

fish 2

කොවිඩ් ව්‍යාප්තියෙන් අලෙවිකර ගැනීමට නොහැකිව තිබෙන මත්ස්‍ය අස්වැන්න මිලදී ගැනීම සඳහා රජය රුපියල් මිලියන 200 ක් වෙන්කර ඇතැයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, රාජ්‍ය ඇමැති රමේෂ් පතිරණ ඊයේ (27 වැනිදා) ප්‍රකාශ කර තිබුණි

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සිට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව පවසන්නට යෙදුණි.fish 1

ධීවරයන් සතු මත්ස්‍ය අස්වැන්න රජය මිලට ගැනීම සිදුකරමින් තිබෙන බව කී රාජ්‍ය ඇමැතිවරයා මෙම මාළු ටින් මාළු කර්මාන්තය සඳහා යොදා ගැනීමට යෝජනා කර ඇතැයිද කීවේය. ධීවරයා මුහුණ දෙන ගැටලුවට විසඳුමක් ලෙස සැමන්වලට පනවා ඇති බදු සහනය ඉවත් කර මාළු වෙළෙඳාමට අවශ්‍ය ශක්තිය ලබා දෙන ලෙසට රජයට යෝජනා කර ඇතැයිද කී හෙතෙම දවසකට සැමන් ටින් ලක්ෂ දෙකක් පමණ නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇතැයිද රජය සාධාරණ මිලකට ධීවරයාගේ මත්ස්‍ය අස්වැන්න මිලදී ගැනීමට කටයුතු කරන බවද කියා සිටී.ලෙස්ලි 2
මේ අතර මේ දිනවල මීගමුවේ පොඩි බෝට්ටු ධිවරයන් හට  සරුසාර ලෙසින් අසුවන හාල්මැස්සන් අස්වැන්න අලෙවිය කරගැනිමට නොහැකිය සුසුම් ලති.
කිලෝ දහස් ගණනක් ඊයේ අදත් කුණු කොල්ලයට කරවල සදහා ලබාදිමට ඔවුනට දැන් සිදුව තිබේ.
මේ අයගේද එකම ඉල්ලිම වන්නේ ඔවුන් අල්ලනු ලබන මාළු ධිවර සංස්ථාව විසින් හෝ මිළට ගෙන රට මැදට බෙදාහැරිමට වැඩපිළිවෙලක් සකසන ලෙසය

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article