විනාඩි 5 හේ සුළි සුළඟින් ගෝමස් වත්තේ නිවැසියන් ආපදාවට ලක්වෙති !

0
97

wind 5wind 1

(7.15 am ) පසුගිය 24 වනදා සවස් වරුවේ  හැමූ තද සුළඟින් මීගමුව නගරයේ ප්‍රදේශ ගණනාවක ජනයා ආපදාවට ලක්වී ඇත. ගෝමස් වත්ත ප්‍රදේශයේ නිවාස 12ක පමණ වහලේ උළු සහ සීට් සුළඟින් ගසාගෙන ගිය අතර ඔවුන්ගේ නිවාස එකිනෙක ළඟින් ඇති නිසා එක පෙලට මේ අන්තරායට මුහුණදී ඇත.
මීගමුව , දිවුලපිටිය පාරේ සිට යන ජයරත්න පාරෙන් ටික දුරක් ගොස් ඒ සමඟ ඇති අතුරු පාරකින් හැරී මෙම ප්‍රදේශයට යායුතුය. ගම හරහා ඇලක් තිබෙන අතර වැසි දිනවලදී මෙම ඇල උතුරා ගොස් නිතරම මෙම නිවාස ගංවතුරෙන්ද යටවේ. එක් නිවසක වහලේ දමා තිබුණු සීට් මුළුමනින්ම සුළඟින් ගසාගෙන ගොස් තිබින. සමහර නිවාසවල කොටසක් පමණක් මෙසේ ආපදාවට ලක්වී තිබින.

මේ ගැන විස්තර කරන රිස්ලි මෙසේ පවසයි. ය
24 වැනිදා සවස 5.00ට විතර ආව මේ හුළඟ මීටර් 100ක් වගේ ගෙවල් ඇතුලෙ කැරකුනා. අපි එතකොට හිටියෙ ගේ ඇතුලෙ. පොඩි ළමයි 5දෙනෙක් හිටියා. අපිට එලියට යන්න බෑ සීට් වැටෙන නිසා. හුඟක් බයෙන් හිටියෙ. ලොකු මහත්තුරු කව්රුත් ආවෙ නෑ අපිව බලන්න. ඒගොල්ලො එන්නෙ ඡන්දෙ කාලෙට විතරයිනෙ. ග්‍රාමසේවක මහත්තය නම් ආව. ඒවුනාට කිසිම ආධාරයක් ලැබුනෙ නෑ.

රිස්වාන් තම අත්දැකීම විස්තර කළේ මෙසේය. හුළඟ එකපාරටම කඩි ගුලක් වගේ එක පැත්තක ඉඳල ආව. හරියට සුනාමියක් වගේ. මුළු පැත්තම කරුවලයි. ගෙවල්වල සීට් ගැලවෙන්න පටන් ගත්ත. ගේ ඇතුලෙ හුළඟ කැරකුනා. සෙටියෙ වාඩිවෙල හිටිය අපේ පොඩි ළමයව බිමට වැටුන. අල්මාරිය පෙරළුනා. ත්‍රීවිල් එක ගිහිල්ල බිත්තියට හේත්තු වුනා. හැමෝම හරි බයකින් හිටියෙ.

  • ගෝමස් වත්තේ සියළු දෙනා ඉතා අමාරුවෙන් තමන්ගෙ ජීවිතේ ගැටගහගන්නෙ. වැඩිදෙනෙක් කුලී වැඩ කරන්නෙ. ඔවුන්ට තම ගෙවල් නිසි පරිදි සකස් කරගන්න මුදල් නැති නිසා සමහර නිවාස බාගෙට හදපුව. බහුතරයක් ඉන්නෙ මුස්ලිම් ජනතාවයි. වැසිදිනවලදි වතුරෙන් යටවෙන මේ මිනිසුන්ගේ ජීවිතය වටා පීඩාවට ලක්වෙන ගැටළු රාසියකින් සමන්විතයි. අවම අවශ්‍යතාවයන් ලෙස ප්‍රදේශය හරහා ගලාබසින ඇල පිළිබඳ ප්‍රශ්ණය විසඳා ගැනීම උදෙසා උත්සාහ කළ නමුත් තවමත් එය ඉටුකර ගැනීම සඳහා වගකිවයුත්තන්ගේ අවධානය යොමුවූ බවක් පෙනෙන්නට නැත. මේ තත්වය මත පුළුවන් කමක් තිබෙන අය සල්ලි විමදම් කරල වහල හදාගන්නව. තව පිරිසක් තවමත් වහල හදාගන්න බැරිව හූල්ලමින් ඉන්නව. මේ ප්‍රෙද්ශය අයිතිවෙන්නෙ කටාන ආසනයටයි. ඒ නිසා කටාන ප්‍රදේශ භාරව සිටින සියළු බලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටින්නෙ මේ අසරණවූ මිනිස්සු ගැන මීට වඩා අවධානය දීල කටයුතු කරන්න කියල…