spot_img
spot_img
Tuesday, May 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

විනෝදනීව මරා දමා වසර 07 යි

Must read

DSCN4575 DSCN4580කුඩාපාඩුවේ පදිංචි විනෝදනී සිල්වා  හත්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ශීෂ්‍යාවකි.
ඇයව  2008 ජුනි 07 වනදා දහවල් ඇගේ නිවසේ දී අභිරහස් ලෙස ගෙල සිරකර , මරා දමා තිබුණි. මෙ‍ලෙස මරා දමා තිබුණේ  රෙද්දකින් දමන ලද ගැටයකින් ගෙල වැලලීමෙනි.
මෙම ගැටය ධීවරයින් විසින් භාවිතාවේදී යොදන ලද ගැටයක් බවද ප්‍රදේශවාසීන් තහවුරු කර තිබුණි. ඇයට තනියම සිය දිවි නසා ගැනීම කිසිසේත් කළ නොහැකි දෙයක් බවට තර්කය මතුවූ ප්‍රධාන හේතුව එය විය.
විනෝදනීගේ දේහයේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළේ මීගමුව රෝහලේ හිටපු  විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී චන්න පෙරේරා මහතා වන අතර ඔහු විසින් කළ විශේෂ අවධාරනයන් අතර එකක් වූයේ ඇයගේ සිරුරේ තිබූ සාව්‍යයන් සහිත සාම්පලය හොදින් ශීතාගාරගත කළ යුතු බවයි. මන්ද මෙය ඇයගේ මිනීමරුවන් සම්බන්ධ ඩී.එන්.ඒ පරීක්ෂණ යකදී අවශ්‍ය වන බවත් සමහර පෙොලිස් ස්ථාන වල ශීතකරන නිවරදිව නඩත්තු නොකරන බැවින් මෙම සිරුරේ ද්‍රව්‍ය සාම්පලය කල් ඉකත් විය හැකි බවයි.
එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් හටද විනෝදනී අපචාරයකට ලක්වී තිබෙන්නේ කාලයක සිට බවත් ඔහුගේ නිගමනය වි තිබුණි. මේ අවස්ථාවේ ඇයව එල්ලීම සදහා භාවිතා කළ ධීවර ගැටය  දමන  ආකාරය  නැවතත් දමා බලන ලදී. එහිදී මාධ්‍යවේදීන් ගත් ඡායාරෑපයක් මෙහි පළ කර ඇත.
මෙම මරණය සමාජයට අමතක වී ගොස් ඇති අතර ඇයට යුක්තිය ඉටුවීදැයි කිසිවෙක් නොදනී. මෙම සිදුවීම සිදුවූ අවස්ථාවේ ඇගේ පාසල සහ ගම්වාසීන් පාරට බැස විරෝධතා පැවැත්වූහ.DSCN4574

DSCN4569
විනෝදනීගේ මරණය මෙම මරණය සැකකටයුතු මරණයක් බවට ඇගේ සොහොයුරා සහ පවුලේ අය විසින් කරන ලද ප්‍රකාශ වලින් පසු මීගමුව පොලීසිය විසින් මෙම මරණයට සැක පිට ඇයගේ මාමා කෙනෙකු පළමුවෙන්ම  අත්අඩංගුවට  ගන්නා ලදී.
12 හැවිරිදි විනෝදනී ශිෂ්‍යාවගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මීගමුව රෝහලේ ඒවකට හිටපු  අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා විසින් 2008 ජුනි 10 වනදා පැවැත්වූ අතර ඔහුගේ නිගමන වලට අනුව මෙම දැරිය ගෙල සිරකර මරණයට පත්කිරීමෙන් පසුව එල්ලා ඇති බව ප්‍රකාශ විය.
විනෝදනී ගේ මරණය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණෙය්දී   ඇයගේ මව විසින් සාක්ෂි දෙන ලදී. ඇගේ සාක්ෂි මත අනාවරණය වූ කරුණු මත අතුරු වාර්තාවක් මගින් මෙම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් සැක පිට තවත් පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ,හා බන්ධනාගාරගත කිරීමට අතිරේක මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා විසින් නියෝග කරන ලදී.
එලෙස සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර විනෝදනීගේ හොඳම යෙහෙළියගේ පියා, (කුමාර නමැත්තෙකු)   ඇගේ නිවස අසල පදිංචි අසල්වැසි පුද්ගලයන් දෙදෙනෙකු වේ.  මෙම මරණයට සම්බන්ධ ඩී.එන්.ඒ පරීක්ෂණ වාර්තාව ලැඛෙන තුරු මෙම සැකකරුවන් හතර දෙනා තවදුරටත් බන්ධනාගාරගත කර තිබූ අතර පසුව ඔවුන්  නිදහස් කරන ලදී. නමුත් මෙම අපරාධයට වගකිවයුතු  පුද්ගලයන් තවමත් නීතිය ඉදිරියට පමුණුවා නොමැත.
DSCN4565DSCN4577

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article