spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නගරයේ සියලූම කාණු කුණ වලින් පිරිලා

Must read

 මීගමුව නගරයේ  සමහර ප්‍රදේශ වල කාණු සුද්ධකරන ආකාරය මේ දිනවල දක්නට ලැබේ.  මීගමුව නගරය ආශ්‍රිතව විහිදී ඇති කාණු පද්ධතියේ අක්‍රමවත් බව හා කාණු පිරිසිදු නොකිරීම හේතුවෙන්
ජලය ගලායෑම නැවතී තිබේ.
මීගමුෙව් ඇති කිසිම තැනක කාණුවක ජලය බැසයාමක් දකින්නට නැත.
විශේෂයෙන්ම පසුගිය සමයේ ඇති වූ කුණු බැහැර කිරීමේ ප්‍රමාදය මෙයට තවත් හේතුවක් වී ඇති අතර නගරයේ ජනතාවට ගේ කුණු කසල පරිහරණය ද මෙහි ප්‍රධාන ප්‍රශ්නයකි.  කුණු පරිසරයට හා කාණු වලටත් ,කලපුවටත්,මුහුදටත් විසී කිරීමට මිනිසුන් පුරුදු වී සිටිති. මේ සම්බන්ධයෙන් නීති පැනවීමක් කරන්නට මීගමුව නගර සභාවට හැකියාව තිබේ.  කුණු පාරේ විසීකරන පුද්ගලයන්ට නඩුපැවරීමක් කරන්නට මෙන්ම පරිසරයට කුණු විසී කරන පුද්ගලයන් ගැන සොයා බැලීමට කිසියම් හෝ විදී මට්ටමින් හෝ කමිටු පත්කරන්නට ක්‍රියා කළ යුතුය.
අඩුම ගනනේ නගරයේ ඇති ප්‍රසිද්ධ ස්ථාන වල කුණු දැමීමට යම් කිසි භාජන හෝ උපකරන තැබීමටවත් කටයුතු කරනවා නම් එය කිසියම් හෝ පිළිවෙලක් ඇති කිරීමට උපකාරයක් වනු ඇත.
මේ දිස්වන්නේ පිටිපන ප්‍රදේශයට ඇතුල් වන විටම හමුවන පළමු ලයිට් කණුව අසල කාණුවයි. මෙහි ජලය ගලා නොයන නිසා අවට ජනතාවට  සෞඛය ප්‍රශ්න  ඇති වී බව ඒ අවට ජනතාව පවසති.
11096679_888252021197390_652636119_n 11092661_888252074530718_467620941_nසටහන සහ  ඡායා – දිල්ශාන් ක්‍රිෂාන්ත
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article