spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

විනෝදවීමට කලපුවට ගිය ගමන මරණයෙන් අවසන් වේ

Must read

 

පිටිපන  ලෙල්ලම  අසල  පෙරේදා  (7දා)  ගොඩගසා  තිබුණු   මළ  සිරුර   උතුරු  පිටිපන   පදුවන්ගොඩ  ප්‍රදේශයේ  පුද්ගලයකුගේ  බවත්,  ඔහුගේ  අවසාන  කටයුතු  අද දින  සිදුකරන  බවත්  ආරංචිවේ. මානික්ක  ආරච්චිගේ  පැතුම්  කුමාර යන  නමින්  හැඳින්වූ  වයස  අවුරුදු  35ක්  පමණවූ   මේ  පුද්ගලයා  ඇතුළු 16  දෙනෙකුගෙන්  සමන්විත  පිරිසක්  බෝට්ටු දෙකකින්  7දා  රාත්‍රි  3.00ට පමණ  තම නිවසින්  පිටත්වී ඇතිබව  දුන්ගාල්පිටිය   පොලීසිය  සඳහන්  කරයි.  එසේ   ගොස් ඇත්තේ වින්සන්  දූපතට ,  විනෝද  චාරිකාවක්  සඳහා  යැයි ද,   සය  දෙනෙකුගෙන්  යුතු  එක් බෝට්ටුවක්  පදවාගෙන  ගොස්  ඇත්තේ  මොහු  බවද , ඒ අතර  ඔහු  වතුරට  වැටී    මියගිය  බවත්,  ඒ  සියළු  දෙනාගෙන්  කටඋත්තර  ලබාගත්බවත් දුන්ගාල්පිටිය  පොලීසිය  සඳහන්  කරයි. මෙම අවාසනාවන්ත  සිදුවීමට  මූලික  වී ඇත්තේ  අධික  මත්පැන්  පානය  නිසා  ඇතිවූ  සිහි  මදකම  බව  පොලීසිය  තවදුරටත්  පවසයි.

ඡායාරූපය ප්‍රවෘත්තියට අදාළ නොවේ
ඡායාරූපය ප්‍රවෘත්තියට අදාළ නොවේ
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article