spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කැපුවත් දළුලන මාරගස …

Must read

mara tree

මීගමුවේ   ආර්පිකෝ  ආයතනය  අසළ  තිබුනු  විශාල  මාර  ගස කපාදමා   මේවනවිට   දින  26 ක්  ගතවී ඇත. ගස  අසලින්  යනඑන අය පවසන්නේ  අව්වෙන්   සෙවන  සැපයු  සහ  වැස්සට  මුවාවීමට  තිබුනු  මේ  ගස  කැපීම  අපරාධයක්  බවයි. දැන්  මෙහි  මතුවී  පෙනෙන්නේ   ආර්පිකෝ  ආයතනයේ   විශාල  දැන්වීම්  පුවරුව  සහ  ඒ  අසල  ඇති  Kids land   ආයතනයේ   ගොඩ නැගිල්ලයි. මේ  ගස කැපීමේ  අවසන්  ප්‍රතිඵලයදැයි සමහරු  අසන්නේ  එබැවිනි.   කොටසක්  දිරා  ගිය  බැවින්  කපා දැමීමට  තීරණය  කළ බව  මාර්ග  සංවර්ධන  අධිකාරිය  ගස  කපාදැමූ  මුල්  දිනවල  අපට  ප්‍රකාශ  කර  තිබින. ප්‍රදේශ වාසීන්  පවසන්නේ  එය   එසේ  නොවන  බවයි.  එමෙන්ම  එසේ  වී නම්   ඒ සහා  අනුගමනය  කළයුතු  ක්‍රියාමාර්ග  මොනවාදැයි  අපට වඩා  හො¢න්  මෙම  බලධාරීන්   දන්නා  බව  අප  දනිමු.  කෙසේ නමුත්  බළලා  ගලේ  පැහැරුවාක්  මෙන්   සත්‍ය   මතුවන  ආකාරය   මෙම  ගසේ  මුල  කොටසින්   පෙන්නුම්    කෙරේ. මෙහි  දැක්වෙන  පින්තූරයෙන්  පෙන්නුම්  කෙරෙන්නේ   එම  ගසේ  මුල ප්‍රදේශයේ    දළු ලා  වැඩුනු  මාර  රිකිල්ලක්  සහ එම  මුලේ  කොටසයි. මේ  තත්වයන් අනුව  පැහැදිළිවන   එක්  කාරණයක්  වන්නේ  අද  මේ  නගරයට   පරිසරය  සහ  ශාඛ   පිළිබ   නිසි  අවබෝධයක්  ඇති උද්‍යාන  පාලනය   ගැන  දැනුමක්  ඇති  අයෙක්  අත්‍යාවශ්‍ය  බවයි. එනිසා   ඉදිරියේදී  ඒ  ගැන  බලධාරීන්ගේ  අවධානය   යොමු කරන මෙන්   ඉල්ලා  සිටින   අතර නැවත  වරක්   මෙම  වැරැද්ද  සිදු  නොවීමට  වග  බලා  ගන්නා ලෙස    අප    ඔවුන්ගෙන්   ගෙන්  ඉල්ලා  සිටිමු.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article