spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

විපක්ෂයේ අර්බුදය

Must read

-මීගමුව මහ නගර සභාවේ විපක්ෂය තුල පැවැති පැල්ම දැන් වඩාත් මතු පිටට පැමිණෙමින්  තිබේ.විපක්ෂ නායක රොයිස් විජිත මහතා විදේශිය මුදල් සොරකම් කිරිමකට අනුබල දිමේ චෝදනාවක් මත දැන් බන්ධනාගාරගතව සිටි.මේ පසුබිම තුල මීලඟට විපක්ෂනායකධුරය පත්කරගත යුත්තේ කාවදැයි යන්න ගැන දැන් මීගමුවේ විපක්ෂ කණ්ඩායම තුල අර්බුදයක් හටගෙන තිබේ.

ආණ්ඩු පක්ෂයය සමඟ ඉතාමත් කිට්ටුවෙන් ගණුදෙනු කරන විපක්ෂ කණ්ඩායමේ ලේකම්  කැලිසන් ජයකොඩි මහතා මේ තනතුර සදහා දැන්ටමත් යෝජනා වි ඇති අතර මේ යෝජනාවට එරෙහිව මිගමුව මහ නගර සභාවේ සිටින එකම දමිල මන්ත්‍රිවරයා වන සජිත් මොහාන් පක්ෂ නායකත්වයට දැනටමත් ලිපියක් යවමින් පවසා සිටින්නේ ව්පක්ෂය තුල දෙවන තැනට මනාප ගෙන සිටින තමන් ගැන මෙහිදි සලකා බලනවා වෙනුවට තෙවැනි තැන සිටින කැලිසන් ජයකොඩි මේ තනතුරට යෝජනා කිරිම අසාධාරණ බවය.මේ පවතින අර්බුදකාරි වතාවරණය තුල විපක්ෂයෙන් පිරිසක් ආණ්ඩු පක්ෂයට එක්විමේ සුදානම් ගැනද කසුකුසුවක් මේ දිනවල පැතිර යමින් තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article