spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

විපතට පත්වුවන් වෙනුවෙන් වන්දි ගෙවිමේ උත්සවය ගැන ලංකාදිප වාර්තාව අසත්‍යයයි !

Must read

Screenshot_20190516_192654_org.mozilla.firefoxපසුගිය පාස්කු ඉරුදින සිදුවු බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය තුවාල ලැබුවන්  හට ගෙවන ලද අවසන් වාරිකය අද දිනයේ මිගමුවේදි ගෙවා අවසන් කර තිබුණි.
තුවාල ලැබු 130 කට සහ මිය පවුල් 89 ක් වෙත රුපියල්  මිලියන 78.8. වන්දි වශයෙන් ගෙවන්නට යෙදුණි.
මේසේ වන්දි ලබාගත් මුුළු ගනන පවුල් 219 ක් විය.
එහෙත් මේ පුවත විකෘති කරමින් ලංකාදිප පුවත්පතට ප්‍රවෘත්තියක් සපයා ඇති ප්‍රසාද් මුතුකුඩ නැමැත්තා ලියා තිබුනේ විපතට පත්වුවන් වන්දි උත්සවය වර්ජනය කර ඇති බවය.
ලංකාදිපය විසින් පළකර ඇති පුවතට අනුවම වන්දි ලබානොගෙන පිටව ගොස් ඇත්තේ එක් යුවලක් පමණි. පවුල් 200 කට වැඩි ගණනක් වන්දි ලබාගෙන තිබුණි.
මාධ්‍යකරණය පිළිබදව මුලික දැනුමක් වත් නැති ඇතැමුන් මාධ්‍ය වෘත්තියට පැමිණි විට සිදුවන මෙවන් විකෘතින් පිළිබදව ලංකාදිප පුවත් පතේ ප්‍රාදේශිය කතුවරයා ප්‍රධාන වශයෙන්ම වගකිව යුතුවේ .
ප්‍රසාද් මුතුකුඩ විසින් ලියා ඇති පචය තවදුරටත් මෙසේය.

.(කටුවාපිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට වන්දිගෙවීම සඳහා අද(16) මීගමුවේ කාදිනල් කුරේ මධ්‍යස්ථානයේදී පැවැත්වූ උත්සවයේදී, මාධ්‍ය කැඳවා ප්‍රචාරණාත්මක වාසි සහ දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කළේ යැයි විරෝධය පළකරමින් වන්දිලාභීහු පිරිසක් වන්දිගෙවීමේ උත්සවය වර්ජනය කර පිටව ගියහ.

පාස්කු ඉරිදා කටුවපිටිය දේවස්ථානයට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය 147 දෙනෙකු සඳහා මිලියන122 ක්  සහ තුවාල ලැබූ පුද්ගලයන් 170 දෙනෙකුට මිලියන 18.1 ක් වශයෙන් ගෙවනු ලබන වන්දි මුදලේ  අවසන් වාරිකය ගෙවීම සඳහා  හානිපූර්ණ කාර්යාලය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි. උත්සවයට පැමිණි සිටි වන්දිලාභීහු කටාන ආසනයේ පදිංචිකරුවෝ වෙති.

සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සව කටයුතු පැවැත්විණි. එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතාද මීට එක්ව සිටියේය.

තම දෙමවුපියන් සහ දරුවා අහිමිවූ, කටුවපිටිය පදිංචි යුවළක් වාසි ලබාගැනීමට පැමිණෙන දේශපාලකයන් අතින් වන්දි මුදල් ලබානොගන්නා බව පවසමින් උත්සවය වර්ජනය කළහ.)

මේ ප්‍රවෘත්තිය ලියා ඇති මාධ්‍යවෙිදියාගේ දැනුමේ තරම පෙනියන්නේ දැන්ය.
ඒ පුවතේ ම සදහන් වන්නේ පිටව ගොස් ඇත්තේ එක් යුවලක් පමණක් බවය.
එහෙත් ප්‍රවෘත්තියේ  මාතෘකාවෙන් අගවා ඇත්තේ සියල්ලෝම නැගිට ගියාසේය. 200 කට ආසන්න පිරිසක් පැමිණ සිටි උත්සවයකදි එක් යුවලක් පමණක් විරෝධය පළකරමින් නැගිට යාම බහුතරයක් දෙනා මෙය වර්ජනය කොට ගියා සේ සටහන් කරන්නේ නම් මාධ්‍යකරණයේ අමනකමක් විනා අන් කිසිවක් නම් නොවේ
මේ අමනෝඥ කම ගැන තමන්ගේ  ප්‍රාදේශිය වාර්තාකරුවාට මාධ්‍යකර්ණය පාඩමක් කියා දිමේ වගකිම කතුවරයා සතුබවද මෙහිලා මතක් කර දිය යුතුය.

ඉතින් මේ මොන මාධ්‍යකරණයක්ද ?ගණන් සාස්තරය ගැනවත් හයක් හතරක් නොදන්නා අය මාධ්‍යකරණයට පැමිණි විට සිදුවන්නේ මෙවන් විකෘතින් බව ලංකාදිප කතුවරයා අවබෝධ කරගතයුතුව තිබේ.

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article