spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

විරෝධතාකරුවන්ට ඇප ලබාදීමෙන් පසු යළි අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යවයි!

Must read

ඉංජිනේරු සංස්ථා සේවකයන්ගේ විරෝධතාවට සහාය පළකරමින් උද්ඝෝෂණයකට සහභාගි වූ කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් සහ පෙ.ස.ප. මධ්‍යම කාරක සභික දුමින්ද නාගමුව ඇතුලු කම්කරු ක්‍රියාකාරිකයන්ට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දීමෙන් පසුව ඔවුන් යළි අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යවා ඇත.

මේ වන විට කොරෝනා රෝගීන් සඳහා නිරෝධායන පහසුකම් නොමැති බව පවසන ආණ්ඩුව ඔවුන්ට නිවේසවල නිරෝධායනය වන්නට උපදෙස් දී ඇත. නමුත් විරෝධතා පැවැත්වීම වරදක් ලෙස සළකා අත්අඩංගුවට ගන්නා කම්කරු අරගල මධ්‍යස්ථානයේ ක්‍රියාකාරින් නිරෝධායන මධ්‍යස්ථානවලට බලහත්කාරි ලෙස යවන්නට පියවර ගෙන ඇත.

මෙසේ ඇප ලබාදී සිටියදී යළි අත්අඩංගුවට ගෙන ඇති අනෙක් අය වන්නේ කම්කරු අරගල මධ්‍යස්ථානයේ චන්ද්‍රසිරි ලන්දගේ, සංජීව බණ්ඩාර, ධම්මික මුණසිංහ, බෙනල්ඩස් ප්‍රනාන්දු සහ රංගනී ජයවර්ණ වේ.

ආණ්ඩුවට විරෝධය පළ කරන සියලු දෙනා අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යැවීමෙන් පළි ගන්නා බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් චෝදනා කරයි.

අද දිනයේ මුතුරාජවෙල පරිසර හානි සම්බන්ධ විරෝධතාවක නිරත වූ ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්, මහින්ද ජයසිංහ ද මේ ආකාරයට නිරෝධායනයට යවා ඇත.
www.lankaviews.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article