spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන ඇරෙයි ! එළවළු මිළත් පහලට ..

Must read

නිරෝධායන ඇදිරි නිතිය ක්‍රියාත්මක දිනවල අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනිම සදහා කිසිදු විධිමත් වැඩපිළිවෙලක් මෙවර ක්‍රියාත්මක බවක් නොපෙනේ .
ජංගම බෙදාහැරිම්ද කිසිවක් මේ දිනවල ක්‍රියාත්මක නොපවති.
විශේෂයෙන්ම එළවලු මිළට ගැනිමම බරපතල ගැටළුවක් වි තිබේ. ඔන් ලයින් ක්‍රමයට සුපිරි වෙළද සැල් මගින් ඇතැම් බඩු ඇණවුම් කිරිමට පහසුකම් සලසා තිබුණද ඔන් ලයින් ඇසුරේ නැති සමාන්‍ය ජනයාට ඒ්වා නොතේරේ

මේ අතර අදත් හෙටත් විශේෂ ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතින බව රජය කියා තිබේ.

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද දින අලුයම හතරට විවෘත කිරීම්ත් සමග අති විශාල ගොවීන් පිරිසක් තම අස්වනු අලෙවි කිරීම් සඳහා රැගෙන තිබුණු අතර එළවළු මිලදී ගැනීම සඳහා ද දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම විශාල ව්‍යාපාරිකයන් පිරිසක් පැමිණීමත් සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට ප්‍රධාන මාර්ගවල ද දැඩි තදබදයක් පැවැති බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වෙනදාට වඩා සියයට 40 කින් පමණ මිල පහත් වැටී ඇතැයි ව්‍යාපාරිකයෝ පෙන්වා දුන් අතර මිල මධ්‍යස්ථ මට්ටමකින් පැවැති බවද වැඩිදුරටත් එම පුවතේ සඳහන්ය.

ඒ අනුව කන්ද උඩරට ප්‍රදේශය වලින් ලැබෙන කැරට්, බීට් ,මාළු මිරිස් ,ආදී එළවළු කිලෝ එක්ක තොග මිල රුපියල් 90 සිට 180 දක්වා වූ විවිධ මිල පරාසයන් යටතේ අලෙවි වන බවත් පහත රට එළවලු වම්බටු, කැකිරි, පිපිඤ්ඤා, නෝකෝල් ,වට්ටක්කා ,දඹල, බණ්ඩක්කා, වැටකොලු ආදී එළවළු වර්ග කිලෝ එකක තොග මිල රුපියල් පනහේ සිට රුපියලුපියල් 110 දක්වා වූ විවිධ මිල පරාසයක් යටතේ තොග මිල යකට අලෙවි වන බවද ව්‍යාපාරිකයෝ පෙන්වා දුන්හ.

ඒ නමය ප්‍රධාන මාර්ගය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයෙන් කිලෝ මීටර් 5 කට අධික දෙපස වාහන ආර්ථික මධ්‍යස්ථානයට ඇතුලත් කර ගැනීමට නොහැකිව නවතා තිබෙන අයුරු දක්නට ලැබෙන බව ප්‍රාද‌ේශිය වාර්තා කරුවෝ දක්වා සිටිති.

කෙසේවෙතත් ආර්ථික මධ්‍යස්ථානය ඇතුලත මීටරයක පරතරයක් දෑත් සේදීම ආදී සෞඛ්‍ය ආරක්ෂිතව හැසිරෙන ආකාරයක් දැක ගැනීමට නොහැකි බවත් ඇතැම් ව්‍යාපාරිකයන් ද ගොවීන් ද තම මුව ආවරණ ඉවත් කරමින් හැසිරෙන ආකාරය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුලත සහ පිටත දී දැක ගැනීමට හැකි වූ බව බොහෝ ජනතාව පෙන්වා දෙති.

ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ ව්‍යාපාරිකයන් කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථානය අලුයම හතරට නොව මධ්‍යම රාත්‍රී 12ට පමණ විවෘත කළේ නම් මෙවැනි තදබදයක් ඇති නොවන බව ය

එමෙන් ම බොහෝ දෙනා රට වසා දමන ලෙස යෝජනා කළ ද ගොවීන්ගේ නිෂ්පාදන පිළිබඳව නිසි අවබෝධයකින් තොරව එවැනි ප්‍රකාශ කළ බවත් එම ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
මුලාශ්‍රය – ලංකාදිප

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article