spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

”විස්සට ඡන්දය දුන්නේ සජිත් දැනුවත්ව. මහින්ද මගේ යාළුවෙක්. සැමියා බැසිල්ගෙ යාලුවෙක්’- ඩයනා කියයි (වීඩියෝ)

Must read

email sharing buttonsharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
තමා විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දෙ දුන්නේ
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසව දැනුවත් කිරීමෙන් පසුව බව එම පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ සඳහන් කරයි.
ඇය එබව සඳහන් කර සිටියේ, මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.
සමගි ජන බලවේගය පක්ෂයේ අයිතිය ඇත්තේ තම සැමියාට බවත් තමන් එම පක්ෂයෙන් ඉවත් කළ නොහැකි බවත් එම සාකච්ඡාවේදී ඇය අවධාරණය කර සිටියාය.
 ”සමගි ජනබලවේගෙන් මාව එලවන්න බෑ, සමගි ජන බලවේගය අයිති මගේ මහත්තයට. පුලුවන්නම් එලවලා බලමු. මම දැන් සමගි ජන බලවේගයේ නෙමෙයි. මම දැන් පොහොට්ටුවේ.”
අගමැති මහින්ද රාජපක්ෂ තමන්ගේ යාළුවෙක් බවත් තම සැමියා බැසිල් රාජපක්ෂගේ හිතවතෙක් බවත් ඩයනා මන්ත්‍රීවරිය පවසයි.
”මම පොහොට්ටුවට යාම ඩීල් එකක් නෙමෙයි. මහින්ද රාජපක්ෂ කොහොමත් මගේ යාලුවෙක් තමයි. මගේ Birthday එකටත් අපේ ගෙදර ආව. බැසිල් රාජපක්ෂ එක්ක කොහොමත් මගේ මහත්තයා සම්බන්ධයි.”
තමා විස්සට පක්ෂව ඡන්දය දුන්නේ මුදලට හා තමන්ගේ ව්‍යාපාරවලට සහය ලබාගැනීම සඳහා බවට නැගෙන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර සිටින ඩයනා ගමගේ මන්ත්‍රීවරිය තවදුරටත් මෙසේද කියා සිටියි.
# ඉස්සෙල්ලා කාන්තාවකට කතා කරන හැටි ඉගෙන ගන්න ඕන.
# මම දේශපාලන ගණිකාවක් නෙමෙයි.
# අපේ ව්‍යාපාර වලට උදව් ගන්න පොහොට්ටුවට ගියා කියන එක බොරුවක්.
# රංජිත් මද්දුමබණ්ඩාරයි මායි අතර විශේෂ යාලු කමක් නෑ, ඕවා මඩ කතා.
# සජිත්ට කිව්වේ නෑ කියන එක බොරුවක්, සජිත්ට මන් කිව්වා ටෙලිෆෝන් එකෙන්…
# මට ලැබෙන ඇමති ධූරය ගැන දැන්ම කියන්න බෑ.
# මම සල්ලි ගත්තේ නැහැ.
# මම බ්‍රිතාන්‍ය පුරවැසියෙක් නෙමෙයි. පාස්පෝට් එක පෙන්නනද?”


theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article