බිස්නස් වීසා හෙවත් ව්‍යාපාරික වීසා බලපත්‍ර යටතේ ශ්‍රී ලංකාවට පැමිණ, එම වීසා බලපත්‍ර වල දින ඉක්ම ගිය පසු එනම් , එම වීසා බලපත්‍ර වල කල් ඉකුත් වීමෙන් පසුව මෙරට තුළ නීති විරෝධීව රැඳී සිටි ආසියානු රටවල් 03 කට අයත් විදේශිකයන් 50 දෙනෙකු පසුගිය 21 දින (21/04/2026) ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරින් පිරිසකගේ මූලිකත්වයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වුණි.
ඒ අනුව වැඩි දුරටත් වාර්තා වූ පරිදි මෙලෙස විසා බලපත්‍ර වල දින ඉකුත් වීමෙන් නීති විරෝධීව මෙරට තුල රැඳී සිටි චීන ජාතිකයන් හතලිස් හත් දෙනෙකු ද (47), මැලේසියානු ජාතිකයන් දෙදෙනෙකු (02) සහ එක් ඉන්දියන් ජාතිකයෙකු (01) ද ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසකගේ මූලිකත්වයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම විදේශිකයන් මීගමුව ප්‍රදේශයේ නිවසක රැඳි සිට ඇති බවද වාර්තා වුණි.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ, බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරු මත, ආගමන විගමන පාලක ජනරාල්වරයාගේ උපදෙස් අනුව මෙම වැටලීම සිදු කර තිබේ. එලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ මූලිකත්වයෙන් අත්අඩංගුවට ගත් පිරිස වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ මේ වන විට රඳවා තිබේ. එලෙසම මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස ඉතා ඉක්මනින් මෙරටින් පිටුවහල් කිරීමට නියමිත බවත්, ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවද වැඩිදුරටත් වාර්තා වුණි.











