වෙන්නප්පුව බටහිර දුම්මලදෙනිය ප්රදේශයේ නිවසකට ඊයේ (09) රාත්රී 11ට පමණ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තැබීමක් සිදුකර ඇතැයි වාර්තා වෙයි. මෙම වෙඩි තැබීම සිදුවන විට නිවැසියන් රූපවාහිනිය නරඹමි් සිට ඇති අතර වෙඩි හඩත් සමග නිවසේ ජනෙල් වල වීදුරු බිදී ගොස් ඇත. නිවසේ කිසිවෙකුටත් සිදුවීමෙන් හානියක් සිදුවී නොමැත.
පොලීසියට අනුව වෙඩි තැබීම සිදුකර ඇත්තේ ටී 56 වර්ගයේ ගිනි අවියකිනි. සිදුවීම සම්බන්දයෙන් වෙන්නප්පුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




















