spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෙන්නප්පුව නුගගහමුල්ලේ අනාරක්ෂිත කර්මාන්තශාලාවක්

Must read

වෙන්නප්පුව නුගගහමුල්ල සාන්ත ජෙරාඩ් මාවත වැනි ඉතා ජනාකීර්ණ ප්‍රදේශයක කිසිදු අරක්ෂිත ක්‍රමවේදයක් නොමැතිව පොල්කටු අඟුරු කිරිමේ කර්මාන්තශාලාවක් ඉදිකරමින් සිටිම අනාගතයේ වෙන්නප්පුව ප්‍රදේශයේ ජනතාවට හා පරිසරයට දැඩි හානියක් ගෙනදිය හැකි බව ජනතාව පෙන්වා දෙති ඉතා විශාල ප්‍රමාණයේ පොල්කටු අඟුරු කිරිමේ වළවල් වල දිනකට විශාල පොල්කටු ප්‍රමාණයක් දහනය කිරිමෙන් පිටවන් විෂ දුම් පරිසරයට මුදාහැරිමෙන් ප්‍රදේශයේ ජනතාවට විවිධාකාරයේ රෝගාබාද ඇති වියහැකි බවත් විෂ සහිත කාබන් ඩයොක්සයිඩ් පරිසරයට එකතු වීමෙන් පරිසර සමතුලිතබාවය බිඳවැටිමෙන් විශාල ව්‍යසනයක් වියහැකි බව ඔවුන් පෙන්වාදෙති ප්‍රදේශයේ කිසිදු රාජ්‍ය ආයතනයකින් මේ සඳහා අවසරයක් ලබා නොගෙන තම බලවත්කම පෙන්වා මෙම කර්මාන්තශාලාව ඉදිකරමින් සිටින බවත් මෙවන් පරිසරයට හානිකර කර්මාන්තශාලා වෙන්නප්පුව වැනි ඉතා ජනාකීර්ණ ප්‍රදේශයකට නොගැලපෙන බව ප්‍රදේශවාසින් පවසති එමන්ම මෙම පොල්කටු අඟුරු දහනයෙන් පසු ඒවා සිසිල් කිරිමට යොදාගන්නා ජලය මහා පොළවට මුසු වෙන්නේ විෂ කාබන් කුඩුත් සමග මේ හේතුවෙන් තම ප්‍රදේශයේ පවතින ජල මූලාශ්‍රවලට පවා මෙය බලපා හැකි බවත් ප්‍රදේශයේ ජනතාවගේ පානිය ජලයට ගැටළු ඇතිවිය හැකි බව එම ජනතාව පෙන්වා දෙති
මේ පිළිබඳව විමසීමේදි වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ කොමසාරිස් නිහාල් පෙරේරා මහතා මෙසේ පැවසීය අපිට මේ වගේ කර්මාන්ත වලට බලපත්‍ර දෙන්න අවසරයක් නැ අපි මේ සමබන්ධව වයඹ පළාත් පරිසර අධිකාරිය දැනුවත් කලා ඒ අය ඉදිරි ක්‍රියාමාර්ග ගනිවි මෙම කර්මාන්තශාලාව ඉදිකරන මනීෂා ව්‍යාපාරයේ හිමිකරු මලිත් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය අපි මෙම කර්මාන්තශාලාව ඉදි කරන්නේ නවීන තක්ෂණය භාවිතා කරලා ඒ නිසා පොල්කටු දහනය වෙද්දි එහි දුම හෝ කුඩු පරිසරයට මුදා හැරෙන්නේ නැ මේ අය අනිසි බියක් ඇති කරගෙන තියෙන්නේ අනෙක අපිට වයඹ පළාත් පරිසර අධිකාරියෙන් මෙම කර්මාන්තශාලාව ඉදිකරන්න අවසර දීලා තියෙන්නේ මේක ක්‍රියාත්මක නොකරම මිනිස්සු විරෝධයක් දැක්වීම අපිට හිතා ගන්න බැ.

11836925_1011348455574554_3995554891968035375_n

11222023_1011348012241265_3514922617530148715_n

චන්දන ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article