spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෙළද කලාප කම්කරුවන්ව ගම්වලට යෑවිමේ වැඩපිළිවෙල අසාර්ථකයි ! අවුල් ගොඩයි !කම්කරුවෝ අසරණයි !

Must read

FB_IMG_1585285112654ගම්වලට යන්නට ඉන්නේ 500 ක් පමණ යැයි ආණ්ඩුවේ බලධාරින් සිතිමත් සමගින් ඔවුන් ඇත්තටම සුදානම්ව සිට ඇත්තේ එවන සංඛ්‍යාවක් සේවාව සැපයිමට පමණි.එහෙත් එතනට රැස්වු පිරිස දහස් ගණනකි.
මෙසේ ගම්වලට යා නොහැකිව හිරවි සිටින පිරිස පසුගියදා මාධ්‍ය විසින් වාර්ථා කොට තිබුනේ 20000 ක් පමණ වන බවයි.

දහස් ගණනක වෛද්‍ය පරික්ෂාවකට ලක්කරන්න ඉන්නේ 4 දෙනයි

මේ අනුව දැනට එහි පැමිණ සිටින කම්කරුවන්ගේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කිරිම සදහා එහි සිටින්නේ හමුදාවේ 4 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් පමණි.
ඒ අයට කිසිසේත්ම ඔරෝත්තු නොදෙන තත්වයකට එය දැන් පත්ව තිබේ.FB_IMG_1585285122093

තිබහට වතුරත් නෑ

ඇතැම් සේවිකාවන් අද අලුයම 4 ට එහි පැමිණ සිටියේ දුරබැහැර වු තමන්ගේ ගමනාත්තයට ඉක්මනින්න යාමේ අරමුණ ඇතිවය.
ඔවුන් පවසා සිටින්නේ ඔවුන්ගේ පිපාසය නිවා ගැනිමට වතුර ටිකක් පවා දැන් නොමැති බවය.

දවල් කෑමත් ප්‍රශ්ණයක්

මේ යන අන්දමට කටයුතු ඇදි යන්නේ නම් මේ පිරිස මෙම ස්තානයේන් පිටත් කර යැවිමට අනිවාර්යෙන්ම සවස වන බව පැහැදිලිය.
තතු එසේ නම් මෙසා විශාල පිරිසකට දිවා අහාරය සපයනු ලබන්නේ කව්රුන් විසින්ද ?FB_IMG_1585285116552

ගමන තුල අතර මගත් යන්නට වන්නේ බඩගින්නේද ?
එපමණක් නොව මේ ඇතැමුන් අනිවාර්යෙන්ම පැය 10 – 12 තරම් ඇතට ගමන් කරන අයද වෙති.
එ ගමන තුල ඒ අයගේ කුසගිණි නිවිමට වැඩපිලිවෙලක් අදාල බලධාරින් විසින් කල් ඇතිව සකසා තිබේද ?

මතුව ඇති අර්බුදකාරි වතාවරණය තුල මෙවැනි කටයුතු සංවිධානය කරගැනිමේ අපහසු අප තේරුම් ගන්නා අතරම  මෙය ක්‍රියාත්මක කිරිමට මැදිහත්ව ඇති රාජ්‍ය යන්ත්‍රණයට අවැසි සියළු පහසුකම් ඇති බැවින් අවශ්‍ය වන්නේ නිසි සැලසුම් පමණි. අවුල ඇත්තේ එතනය.
පෙනෙන්නට නැත්තේද එවන් සැලසුම් නැති බවකි.
මේ අනුව අද සවස් වන විට මේ වැඩපිළේ අවසානය කිනම් දිසාවකට යොමුවේදැයි තවමත් අවිනිශ්චිතය
ඡායා-එම්.ඉසෙඩ් සහජාන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article