spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

500 ක් විතරයි ඉන්නේ කියපු ප්‍රසන්නලාට තරු පෙනෙයි ! ගම්බිම් බලා යන්න සේවකයන් දහස් ගණනින් රෝක්වෙති!

Must read

IMG-20200327-WA0001IMG-20200327-WA0006නිදහස් වෙළද කලාප කම්කරුවන්ගේ ඇත්ත ප්‍රශ්ණය ගැන කිසිදු නිනව්වක් නොතිබුණ ගම්පහ දිස්ත්‍රික් පොහොට්ටු නායක ඇමති ප්‍රසන්න රණතුංග කියා තිබුනේ ගම්වලට යන්න ලොකු පිරිසක් නැති බවත් ඒ ගනන 500 පමණ තරම් වන බවත්ය.
එහෙත් අද අලුයම 5 සිට දහස් ගණනින් කම්කරුවන් කටුනායක නිදහස් වෙළද කලාපයේ ප්‍රධාන ගේට්ටුව අසලට එක් රැස්වන්නට පටන් ගති.
තවමත් එහි ඇත්තේ අර්බුදයකි.
එයට හේතුව වි තිබුනේ රජය සිතා සිටි ගණනට වඩා අතිවිශාල සේවක සංඛ්‍යාවක් මෙසේ අසරණය සිට ඇති බැවිනි.
රටට විදේශ විනිමය උපයාදිමට සිය ජිවිතේ හොදම කාලය කැප කර සිටින මෙවන් කම්කරුවන් හට රජයක් සලැකු හැටි ගැන මෙයද කදිමම නිදසුනකි.දැනටමත් මෙහිදි මතුව ඇති ගැටළු රැසකි.
මෙසේ ප්‍රවාහන පහසුකම් සපයනවා යැයි දැනුම දි ඇත්තේ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවක සේවිකාවන්ට පමණි. ඒ අනුව ඔවුන් සමගින් නේවාසිකාගාරවල සිටින සිය පවුලේ අනික් අයට ගමට යැමට ඉඩක් ලැබේදැයි දැන් ඇත්තේ සැකයකි.
අනික් කරුණ කම් මෑන් ෆවර් සේවක සේවිකාවන්ගේ ගැටළුවයි.ඒ අයවද ප්‍රවාහන පහසුකම් ලබාදෙන අනුමත පිරිසට අයත් නැති තත්වයකි.ඒ අනුව අති විශාල පිරිසක් එතන දැඩි අවිනිශ්චිතතාවයකින් පසුවෙති.
දැන් මෙය සැබැවින්ම දැවැන්තම අර්බුදයක් නිර්මාණය කර තිබේ.
ජවිපෙත් ඇතැම් සමාජ ක්‍රියාකාරින්ගේ සංවිධානත් ඇතැම් මාධ්‍යයත් මේ දැවැන්ත අර්බුදයට කටහඩ දෙන්නට මුලපිරුවේ නැතිනම් මේ කම්කරුවන්ගේ තත්වය සැබැවින්ම දැවැන්ත ඛේදවාචකයක් වනු නොඅනුමානය.
ඡායා- එම්.ඉසෙඩ් සහජාන්

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article