spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

වෝල්ට් 33000 ක් වැදුන මිනිසෙක්….

Must read

ඔබ ගැන කෙටියෙන් විස්තර කලොත් ?
මගේ නම මොහොමඩ් ෆාරීස් .මම හැමදාම වාගේ  මීගමුවේ හිටියට මගේ පදිංචිය කොළඹ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ. එහේ තමයි මාගේ ගේ තියෙන්නේ. මම හැමදාම ඒ කියන්නේ සතියේ දවස් වල උදේ 8.00 ඉදලා හවස 5.00 වෙනකම් මීගමුවේ හිර ගේ ඉස්සරහට වෙලා ඉදලා හිර ගෙදරට එන අයගේ වාහන මෝටර් සයිකල්  වාගේම මේ උසාවි වලට එන අයගේ වාහන , මෝටර් සයිකල් හොදින් බලා කියා ගෙන කීයක් හරි හොයා ගෙන ආපහු බස් එකෙන් කොළඹ යනවා. එහෙම තමයි මම ජීවත් වෙන්නේ. මට දුවලාම තුන් දෙනෙක් ඉන්නවා. පුතාලා නැහැ. මගේ බිරිඳ මිය ගිහිල්ලා. මමත් ජීවත් වෙලා , මගේ දුවලා තුන් දෙනාවත් මම ජීවත් කරන්න එපායෑ. ඒක නිසයි මම හැමදාම වාගේ අමාරුවෙන් හරි කොළඹ ඉදලා මීගමුවට ඇවිල්ලා මෙහෙම කීයක් හරි හොයා ගෙන යන්නේ .

ඔබේ පෞද්ගලික විස්තර ටිකක් දැනගන්න කැමතියි ?.

මම උපන්නේ කොළඹ ආදුරුප්පු වීදියේ. දැන් මගේ වයස අවුරුදු 60 යි. එහේ තමයි මම ඉස්කෝලේ ගියෙත්. 08 වැනි පංතියෙන් පස්සේ මම ඉස්කොලේ ගියේ නැහැ. මාගේ තාත්තා වරායේ කම්කරු රස්සාවකුයි කෙරුවේ. අම්මා නම් රස්සාවක් කෙරුවේ නැහැ. මමත් එක්ක අපේ පවුලේ දරුවෝ 18 දෙනයි. ගෑනු දරුවෝ 06 යි. පිරිමි දරුවෝ 12 යි. මම පවුලේ 05 වැනියා.ඉතින් හිතාගන්නකෝ අපේ පවුලේ තරම.  ඉස්කෝලේ ගමන නතර කරලා මම කොළඹ පැත්තෙම එක එක තැන් වල කම්කරු රස්සාවල් කෙරුවා. ඔහොම ඉන්න කොට මට රස්සාවක් ලැබුනා ආමර් වීදියේ පාකිස්තාන් බායිලා වගයක් කරපු ලී මෝලක් එහෙම තියෙන කොම්පැණියක .එතන එක දිගටම අවුරුදු 10 ක් විතර වැඩ කෙරුවා. අන්තීමට ඒ කොම්පැණිය පාඩු ලබලා වහලා දැම්මා. ඒක වහන කොට මට යම් මුදලක් අතට ලැබුනා ඒකෙන් මම මට ඉන්න ගෙයක් යන්තමට හදා ගත්තා. ඊට පස්සේ මම ජීවත් වෙන්න කම්කරු රස්සා කිහිපයක්ම කෙරුවා. ඒවා සේරම තාවකාලික රස්සා. එහෙම තාවකාලික රස්සාවක් කරන්න ගිහින් තමයි මට මේ භායනක අනතුර සිද්ධ වුනේ.

ඔබ මුහුණ දීපු ඒ භායානක අනතුර ගැන විස්තර ටිකක් කියන්න කැමතිද ?.

රටින් බඩු ගෙනල්ලා විකුණන කොම්පැණියක් තියෙනවා ඕ.පී. ජපන් කියලා . සමහර දවස් වලට නැවෙන් ගේන බඩු බාන්න වාගේ වැඩවලට ඒකේ අයිතිකාර අජිත් සේරම් කියන මහත්තයා මාව එක්කාගෙන යනවා. එදා 2003 අවුරුද්දේ ජුනි මාසේ 25 වැනිදා . එදත් මාව එක්කරගෙන ගියා නැවෙන් බාපු බඩු වගයක් පටවාගෙන අඩි 40 ක කන්ටේනර් එකක් එනවා කියලා. මට එදා බඩු බෑමට අමතරව කරන්න තිබුනා මහා පාරේ ඉදලා කොම්පැණියට එන පාර බොහෝම පොඩියි, ඒ පොඩි පාරේ තියෙන ගෙවල් වලට ලයිට් කනු වලින් කරන්ට් එක දීලා තියෙන මේන් වයර් ලීයකින් උස්සලා කන්ටේනර් එකේ වදින්නේ නැතිව පාර ක්ලියර් කරන එක.  ඉතින් මම කන්ටේනර් එක උඩට නැගලා ලීයකින් ඒ පොඩි පාර හරහා උඩින් තියෙන මේන් වයර් එහාට මේහාට උස්සලා කන්ටේනර් එක අරගෙන යන්න පාර ක්ලියර් කරලා දීලා බඩුත් බෑවා. එහෙම බඩුත් බාලා ඉවරවෙලා කන්ටේනර් එක ආපහු එන්න පිටත් වුනා. ඒ අපහු එන ගමනේදීත් මම කන්ටේනර් එක උඩට වෙලා මේන් වයර් ටික ලීයකින් එහාට මෙහාට කර කර පාර ක්ලියර් කරලා දුන්නා. කොහොම හරි එක තැනකදී  මම ලීයෙන් උස්සාපු මේන් වයර් එකක් උඩින් ගිය වෝට් 33000 ක හයිටෙන්ෂන්  ලයින් එකක (අධි බලැති) වැදුනා. ඒක වැදුන ගමන්ම එකපාරටම මාව උඩටම ඇදිලා ගියා. උඩටම ඇදිලා ගිහින් තත්පර ගනනකින් ආපහු මාව බිමට ඇද ගෙන වැටුනා. ඒ වෙලාවේදීම කන්ටේනර් එක අරන් ආපු අර ලොකු වාහනයේ ටයර් සේරම ගිණි අරගෙන තියෙනවා. එකේ ඩ්‍රයිවරුයි , ගෝලයයි ඛෙරිලා තියෙන්නේ ඒ වාහනේ දාලා දුවලා ගිය නිසයි.

ඒ අනතුරින් පස්සේ මොකද වුනේ ?

ඊට පස්සේ ගමේ අය මාව තී්‍ර වීල් එකකින් කොළඹ මහා ඉස්පිරිතාලෙට ගෙනැල්ලා තියෙනවා. මහා ඉස්පිරිතාලේදී මම දවස් 12 ක් සිහි නැතිවයි ඉ`දලා තියෙන්නේ. මම කොහොම හරි මාස 09 ක් ම ඉස්පිරිතාලේ හිටියා. ඒ අනතුරින් මාගේ දකුණු අත හො`දටම නරක් වෙලා තිබිලා ඉස්පිරිතාලේ දොස්තර මහත්වරු මාගේ වැලමිටට උඩින් අත කපා දලා තිබුනා . මාගේ වම් අතේත් සමහර ඇ`ගිලි වල උඩින් කපලා දාලා. මාගේ වම් අතිනුත් හරිහමන් වැඩක් පොලක් කර ගන්න මට පු`ඵවන් කමක් නැහැ. ඒවාගේම මාගේ පිට විශාල විදිහට පිච්චිලා වල ගැහිලා තියෙනවා. මාගේ පපුවත් එහෙම ලොකුවට පිච්චිලා තියෙනවා. මාගේ දකුණු කකුලත් දරුනු විදිහට පිච්චිලා තියෙනවා. ඉතින් මාව නොමැරි හිටපු එන ගැන මටත් පුදුමයි. මාව  ඉස්පිරිතාලෙට ගෙනල්ලා මාස 04 ක් විතර යද්දී මම ඉස්පිරිතාලෙට වෙලා දුක් වි`දිනවා බලා ගෙන ඉන්න බැරිව හිතේ වේදනාවට මාගේ බිරිද ෆාතිමා බීබී එයාට අවුරුදු 40 යි  වයස. එයාට එක පාරටම දුක දරාගන්න බැරිව හදිසි හාට් ඇටෑක් එකක් ඇවිල්ලා එයා හදිසියේ මරණයට පත් වුණා. එතකොට මාගේ ලොකු දුවට වයස අවුරුදු 15 යි. දෙවැනි දුවට අවුරුදු 12 යි බාල දුවට අවුරුදු 11 යි මම මොනතරම් අසරණ වුනාද කියලා ඉතින් තෙරෙනවානේ ඒ වෙලාවේ.
ඕ.පී. ජපන් කියන කොම්පැනියේ අයිතිකාර අජිත් සේරම් මහත්තයා මම ඉස්පිරිතාලේ ඉන්නැද්දී රුපියල් පනස්දාහක මුදලක් (රු.50000) දුන්නා අමතර ඛෙහෙත් හේත් එහෙම ගන්න කියලා. පස්සේ එයා මට කිව්වා ඉස්පිරිතාලෙන් යද්දී රුපියල් ලක්ෂ 10 ක (රු10,000,000) මුදලක් වන්දියක් විදිහට දෙනවා කියලා. නමුත් මාස 09 කට පස්සේ ගෙදර යද්දී එයා මට දුන්නේ රූපියල් එක් ලක්ෂ පනසAදාහයි. ඒක දිලා එයා මට තර්ජනාත්මකව කිව්වා , මෙච්චරයි මම ඔයාට දෙන්නේ ,මීට වැඩිය ඔනේ නම් මට නඩුවක් දාලා අරගන්න කියලා.  ඔන්න ඕකයි අන්තීමට  මට සිද්ධවුනේ.

ඔබ  මීගමුවට අවේ කොහොමද ?.

මම ඉස්පිරිතාලෙන් ගෙදර ආවාට පස්සේ මටයි මාගේ දුවලා තුන් දෙනාටයි ජිවත් වෙන්න විදිහක් තිබුනේ නැහැ. මොකද මාගේ හුරු අත දකුණු අත කපා දාලා.  අනෙත් අතින් , ඒ කියන්නේ වම් අතිනුත් මට වැඩක් පලක් කර ගන්න බැහැ. ඉතින් මට කරන්න වෙන දෙයක් ඉතුරු වෙලා තිබුනේ නැහැ. පස්සේ මම ඒ ළ`ගපාත ලී මෝලක මුර වැඩේ කලා . එකෙන් පොඩි මුදලක් මට ලැබුනා. ඒකෙන් මටයි දරුවන්ටයි ජීවත් වෙන් බැරි ව ඉන්න කොට මට මාගේ යා`ඵවෙක් කිව්වා මීගමුවේ හිර ගෙදර ඉන්න අයව බලන්න එන අයගේ කාර්, වෑන් , මෝටර් සයිකල්  හෙ`දින් බලා කියාගෙන හිටියොත් යම් මුදලක් ලැඛෙයි කියලා. ආන්න ඒ විදිහට තමයි මම 2009 විතර වාගේ මීගමුවට ආවේ. එදා ඉ`දලා අද දක්වාම මම තවම මීගමුවේ ඉන්නවා.

මීගමුව ගැන වීහේෂයෙන්ම මේ බන්ධනාගාරය අවට ව්‍යාපාරික කටයුතු කරන අය ගැන.  ඒවාගේම මෙතැනට යනෙන අය ගැන ඔබේ අදහස දැනගන්න කැමතියි. ?

ඇත්තම කියනවානම් මම දැකලා ආශ්‍රය කරලා තියෙන විදිහට මීගමුවේ ඉන්න වැඩි දෙනෙක් හරිම හොද ගතිගුණ තියෙන මනුස්සකම් දන්න හිත හොද මිනිස්සු . කාටත් සහයෝගයෙන් තමන් එක්ක ඉන්න අනිත් කෙනාට පු`ඵවන් විදිහට උදව් පදව් කරගෙන ඉන්න උදවිය තමයි මම වැඩිපුරම මීගමුවේදී දැකලා ආශ්‍රය කරලා තියෙන්නේ. ඒවාගේම මම වාගේ අසරණ වෙලා කිසිවක් කර කියා ගන්න බැරිව ඉන්න අයට හරියට උදව් කරනවා . දැන් මේ හිරගේ ඉස්සරහ කලපුවේ ධීවර රස්සාව කරන අය හැම ඉරිදාවකම මම වෙනුවෙන් ඒ අය රු100, රු.50 ගානේ එකතු කරලා මට සතියකට සැරයක් 1000ක් 1500 එකතු කරලා දෙනවා මගේ අසරණකමට. මම ඉරිදාට ් මීගමුවට ආවේ නැතත් , ස`දුදාට ආපුවාහම ඒක  මට ළ`ග කඩේකින් අරගන්න පු`ඵවන් විදිහට ඒ කටයුතු හදලා තියෙනවා. ඒවාගේම නිතරම වාගේ මා`ඵත්  මට ගෙදර අරන් යන්න දෙනවා , සත 05 ක් වත් මගෙන් ගන්නේ නැහැ. ඒවාගේමයි මෙතැනට එන ඇඩවකර්ට් මහත්වරුන්ගේ ඉ`දලා     හැම තරාතිරමකම අයගෙන් මට හො`ද සහයෝගයක් ලැඛෙනවා. මම එයාගේ මෝටර් සයිකල් , වාහන බලා ගන්නාවාට කිසිම දවසක ගානක් කියන්නේ නැහැ. ඒඅය සංතෝෂයෙන් කැමැත්තෙන් දෙන ගාන මම අරගන්නවා. හිර ගෙදර ඉන්න අයව බලන්න එන ගොඩක් අයගේ හිත් ගිණි අරගෙන වාගෙයි මෙතනට එන්නේ . ඉතින් ඒ අය ගෙන් මම කොහොමද ගානක් කියලා ඉල්ලන්නේ. ඒ අය සතුටින් කීයක් දුන්නත් ඒ දේ සතුටින් බාර ගන්නවා.අසරණ වුනාට අපිත් මිනිස්සු නේ. අපි මේ ලොකේ කවදා හරි ඉ`දලා මැරිලා යන එකනේ.
එතකම් අපිට පුළුවන් විදිහට මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ. ඉතින් මම ඒ හො`ද ගතිගුණ මේ මීගමුවේ ඉන්න බොහෝ මිනිසුන් අතර දකිනවා. මිගමුවේ හැම කෙනෙකුම වාගේ ආගම් භේද ජාති  භේද නැතිව සහයෝගයෙන් ඉන්නවා දැක්කම හරිම සතුටුයි මට නම්. මම හිතන්නේ මීගමුව කියන්නේ මාගේ දෙවැනි ගමයි. මීගමුවට ආවයින් පස්සේ මට අ`ඵත් ජීවිතයක් ලැබුනා කියලයි මම හිතන්නේ සමාන්‍යයෙන් දවසකට මට රු500 ක් විතර ලැඛෙනවා, ඒ මුදල අපි බොහෝම අරපිරිමැස්මෙන් වියදම් කරලා මමත් දුවලා තුන්දෙනත් එක්ක කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙනවා. මීගමුවට ආපු එක ගැන දැන් මට සතුටකුත් දැනෙනවා.

ඔබ මෙම ස්ථානයේ රැදී සිටීමට විරුද්ධව යම් බලපෑම් එහෙම එල්ල වෙලා නැද්ද ?

මොකද නැත්තේ , මම මෙතැනට ආපු මුල් කාලේ මට හයිරන් පාට් දාලා මෙතිනින් මාව එලවන්න බලපු කට්ටියකුත් හිටියා.හැබැයි මේ වටේ පිටේ ඉන්න අය ඒකට කමති වුනේ නැහැ මට කරදර කරනවාට . මම වාගේ අසරණ මිනිස්සුන්ට කරදර කරන්න හො`ද නැහැ කියලා ඒ අයටම තේරිලා ද කෙහේදෝ ඒ අය ඊට පස්සේදී මට බලපෑම් කරන්නවත් තර්ජනය කරන්නවත් ආවේ නැහැ. ඒවාගේ මම මේ තැන නැති කාලාය් මෙතනට එන වාහන වලින් එක එක කැලී ගලෝගන්න කට්ටියකුත් හිටියා . හැබැයි ඒ අයත් මටම ඇවිත් කිව්වා ඔයා ඉන්න නිසා අපිට මෙතැන මේ වැඩේ කරන්ඩ බැහැ. ඒ හන්දා අපි වෙන පැත්තකට යනවා කියලා. එදා ඉ`දලා මට කිසිම කරදරයක් කාගෙන් වත් මෙතෙනදී වෙලා නැහැ..

අනාගත බලාපොරොත්තු මොනවාද ?

මාගේ දැන් ලොකු දුවගේ වයස අවුරුදු 22 යි. දැන් එයාව කසාද බන්දන්න ඕන කාලේ.ඉතින් මම ඒ දේ ටත් සල්ලි ටිකක් එකතු කරගෙන තියෙනවා, ඒකට තව මට පොඩි මදිපාඩුවක් තියෙනවා.ඒක හදාගත්තහම ලොකු දුවව කසාද බන්දනවා ළ`ගදීම. ඉතිරි දුවලා දෙන්නම යනවා තවම පාසල් යනවා. මීගමුවට දිනපතා ආවහම මට ලැඛෙන මුදලින් කෙහොම හරි ජීවත් වෙන්න පු`ඵවන් මටයි මාගේ දරුවන්ටයි. ඒත් මට තවම මාගේම කියලා ඉන්න ගෙයක් නැහැ. මම තවම ඉන්නේ කොළඹ වැල්ලම්පිටිය, සේදවත්ත කියන ප්‍රදේශයේ ග`ග අයිනේ වෙන කෙනෙකුට අයත් පර්චස් 1 1/2 ක  පුංචි ඉඩමක පොඩියට ලැලි ගහපු ගෙදරක. එක පාරක් ගංවතුර ගලලා ඒ ගේ කැඩුනා. ඊට පස්සේ එහේ කතෝලික පල්ලියක හිටපු ෆාදර් කෙනෙක් මම මුස්ලිම් කියලාවත් බලන්නේ නැතිව මට ආපහු හො`ද ලැලිවලින් ගෙයක් හදලා දුන්නා. ඒත් මෙතැන අපි ඉන්නේ ග`ග අයිනක නිසා විශාල බයක් තියෙනවා. කොයි මෙහොතක හෝ අපේ ගේ ග`ගට බිලි වෙයිද කියලත් . ඒ හන්දා මම හැකි අයකුගෙන් උපකාරයක් සහයෝගයක් ඉල්ලා සිටිනවා . මා ගැන අනුකම්පාකරලා පු`ඵවන් නම් මට ගෙයක් හදාගන්න කොළඹ ප්‍රදේශයෙන් හෝ එක්තෝ මීගමුවෙන් හරි කමක් නැහැ පර්චස් කිහිපයක් ලබා දෙන්න කියලා.

ලිපිනය –
මොහොමඩ් ෆාරිස්
164/2, හල්මුල්ල පාර
වැල්ලම්පිටිය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article