spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ශලනි තාරකාව කොවිඩ් 19 ට පැටලවිමේ කුමන්ත්‍රණයක් …

Must read

ශලනිමේ දිනවල කොවිඩ් වසංගතය රටපුරා ව්‍යප්තවීම හේතුවෙන් සමස්ථයක් ලෙස ජනතාව විවිධ දුෂ්කරතාවන්ට මුහුන දෙමින් සිටින පසුබිමක Can You Hear Me  ටෙලි නාට්‍ය කණ්ඩායමටද යම් සිද්ධියකට මුහුන පාන්නට සිදුවිය. මෙම ටෙලි නාට්‍ය මේ දිනවල ජාතික රූපවාහිනියෙන් විකාශය වන අතර එහි රූගත කිරීම් සිදුවන්නේ බණ්ඩාරවෙල ප‍්‍රදේශයේය.

ටෙලි නාට්‍ය රූගත කිරීම් සඳහා මාර්තු මාසයේ දී නිකුක් කරන ලද කොන්දේසි සහ ආරක්‍ෂක විධිවිදාන වලට අනුව සහ රූපවාහිනී සංස්ථාව විසින් ලබාගෙන ඇති රූගත කිරීමේ අවසරයන් සහිතව මෙන්ම මේ වනවිට රට තුළ පවතින කොවිඩ් වසංගතය වෙනුවෙන් පනවා ඇති සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව මෙම රූගත කිරීම් සඳහා 25 කට අධික ටෙලි නාට්‍ය කණ්ඩායම කොළමින් පිටත්ව තිබුනේ නිරෝධායන ඇඳිරිනීතිය කොළඹ ට පනවන්නට පෙරය. එමෙන්ම මේ කිසිවකු කොරෝනා අසාධිතයන් හෝ ආශි‍්‍රතයන් නොවන අයය.

මෙම කණ්ඩායම බණ්ඩාරවෙලට පැමිණ   රූගත කිරීම් වල යෙදෙන අතර තුරු නිරෝධායන ඇඳිරිනීතිය බස්නාහිරට පැනවීමට පෙර පිටව ගිය පිරිස් ගිය තැන්හි නිරෝධායනය වී නැවත පැමිණිය යුතු බව දන්වා සිටිය බැවින් බණ්ඩාරවෙල රූගත කිරීම් අතර තුර පොලිසිය හා සෞඛ්‍ය පරීක්‍ෂකවරු පැමිණ Can You Hear Me නාට්‍ය කණ්ඩායමෙන් ඉල්ලා සිට ඇත්තේ පීසීආර් පරීක්‍ෂණයක් කිරීමටත් දින 14ක නිරෝධායන ක‍්‍රියාවලියක නිරත විය යුතු බවත්ය. ඒ සඳහා ටෙලිනාට්‍ය කණ්ඩායමේ පූර්ණ එකගතාව අනුව පිරිස දින 14ක නිරෝධායනය වෙමින් සිටින අතර  වෙබ් පුවත් සහ වෙනත් විවිධ ජනමාධ්‍ය ආයතන මේ පිළිබඳව වෙනස්ම ආකාරයේ ප‍්‍රවෘත්ති පළකරමින් ජනප‍්‍රිය රංගන වේදිනියක් නෙක්න්ද‍්‍ර කරගනිමින්  අසත්‍ය ප‍්‍රචාර නිකුත් කරන්නට පටන්ගෙන තිබේ.

මෙවන් සංකීර්ණ පසුබිමක කොවිඩ් වසංගතය නොවැලඳුණු අයෙකුට එය එසේ යැයි පවසමින් පීසීආර් පරීක්‍ෂණය පොසිටිව්  බව උලුප්පා හුවා දක්වමින් එම රංගන වේදිනිය යම්කිසි මානසික අපහුසතාවයකට පත් කිරීමට එම මාධ්‍ය කටයුතු කර තිබේ.

මේ නිසාම එම රංගන ශිල්පිණිය සිය ෆේස්බුක් මගින් වීඩියෝවක් මුදුාහැර තිබේ. ඇය එහි ප‍්‍රකාශ කර සිටින්නේ නළු නිළියන් ඇතුළු කාර්මික ශිල්පීන් 25කට අධික පිරිසක් බණ්ඩාරවෙලට පැමිණ රුගත කිරීම් ආරම්භ කළ බවත් නීති විරෝධී ලෙස කිසිවෙකු කටයුතු කර නැති බවත් ගම්වාසින් තම කණ්ඩායමට බාධා නොළ බවත් රටේ පවතින නීතිය ටගරුකරමින් තමා ද ඇතුළුව සියළු දෙනා පීසීආර් පරීක්‍ෂණයන්ට මුහුන දුන් බවත් තවමත් එහි වාර්ථා නොපැමිණ ඇති බැවින් තව දුරටත් තමා ඇතුළු පිරිස රැුදී සිටින හෝටලයට වී සිටින බවත් පීසීආර් පරීෂණ වාර්ථාවලින් පසු ඒ තත්ත්වයන් අනුව නැවත රූගත කිරීම් ආරම්භ කකරනු ඇති බවත් ප‍්‍රකාශ කර තිබේ.

Can You Hear Meටෙලි නාට්‍ය අදියර කිහිපයක් යටතේ රූගත කිරීම් කරනු ලබන අතර මේ වනවිට විකාශය වන ටෙලි නාට්‍යයේ ඉතිරි කොටස් පේ‍්‍රක්‍ෂකයන් වෙත නොකඩවා රසවිඳින්නට සැලැස්වීම වෙනුවෙන් වසංගත අවධානමද නොතකා ඔවුන් මේ කැපවීම් කරන්නේ පේ‍්‍රක්‍ෂකයන් වෙනුවෙනි. මුදල් වලට වඩා තම ජීවිත ආරක්‍ෂාව වටින බව ඔ්නෙම අයෙක් දන්නා කරුණකි. මේ ටෙලි නාට්‍ය කන්ඩායමට ද කොලඹට වී සිදුවෙන්නේ කුමක්දැයි බලා සිටින්නට ඉඩ තිබුණි. එහෙත් රූපවාහිනී නාලිකාවක් ගුවන් කාලය වෙන් කළ පසු ඒ ගුවන් කාලය තුළ විකාශවන වැඩ සටහන නවතා ැමීමෙන් ආයතන ලබන පාඩුව සුළපටුනොවේ. ඒ නිසාම බොහෝ විට සිදුවන්නේ මෙවන් වාතාවරණයන් තුළ සෞඛ්‍ය ආරක්‍ෂණය සමගින් රටේ නීතිය ආරක්‍ෂා කරමින් සිය වගකීම් ඉටු කිරීමයි.

ඇතිව ඇති තත්ත්වය තුළ මාධ්‍ය විසින් වඩාත් ඉලක්ක කොට ගෙන ඇත්තේ ජනප‍්‍රිය මෙන්ම දක්‍ෂ රංගනවේදීනියක් වන ශලනි තාරකාය.
ඇය බොහෝ දේවල් පිළිබඳ වෙනස් ආකාරයකින් දකින්නට උත්සාහ ගන්නා ශිල්පිණියකි.මේ දිනවල ඇය වඩාත් ම ජනප‍්‍රිය අග්නි පියාපත් හි සහ ගිරිදේවී ටෙලි නාට්‍ය තුළ කරනු ලබන එකිනෙකට වෙනස් රංගනයන් නිසාය.

ශලනි ඉලක්ක කොට ගෙන වෙබ් මඩ පුවත් සහ අනෙකුත් මාධ්‍ය විසින් පළ කර ඇති  අසත්‍ය තොරතුරු වලට එරෙහිව  ශලනි නීතිමය පියවර ගන්නා බවටද සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබා තිබේ.

සයිබර් බුලින් සහ අන්තර්ජාල ය අහරණය කරමින් මේ ආකාරයේ ද්වේශ සහගත ලෙස පුද්ගලයෙක් කේන්ද‍්‍රකොට ගෙන මාධ්‍ය හැසිරවීම ඇත්ත වශයෙන්ම නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදකි. සාවධ්‍ය තොරතුරු පළකිරීම තුළින් බොහෝ විට වෙබ් පුවත් පත් සහ වෙබ් පිටු අපේක්‍ෂා කරන්නේ ප‍්‍රවෘත්තියෙහි නිරවද්‍යතාව පිළිබඳ සොයා නොබලා පල කරමින් තම පිටුව හෝ වෙබ් පුවත්පත් වඩාත් ඉහළට ඔසවා ගැනීමය. මෙයින් සිදුවන හානිය මානසික පීඩනය හෝ වෙනත් අපහුසතාවන් පිළිබඳව මානුෂීයව හිතන්නට මේ වෙබ් පුවත් කරුවන් ට සහ වෙබ් පේජ් කරුවන්ට උවමනාවක් නැත.

එහෙයින් අවමාන කිරීම අසත්‍ය ප‍්‍රවෘත්ති පළකිරීම ඒ තුළින් අගතියට පත්වීම හා මානසික පීඩාවට පත්වීම වැනි විවිධ කාරනා මේ තුළින් සිදුවිය හැකිය.

ලංකාව වැනි රටක ස්මාර්ට් ෆෝන්ස් ටැබ් හෝ පරිගනක ඇසුරු කරමින් කුණු රසය උලුප්පා බඩවියත රැකගන්නට වර්තමාන තරුණ පරපුර ඇබ්බැහි ව සිටිති. මේ ස්වයං රැකියා ක‍්‍රමය නිසා රටෙහි මාධ්‍ය සදාචාරය වල පල්ලට දමන්නට සමත්ව ඇත. කිසිම මාධ්‍ය ආයතනයක් තම ආයතනය තුළින් හෝ තම ප‍්‍රකාශනය තුළින් ජනතාවට සිදුවන මානසික අපහසුතාවයනට වගකියනු නොලබන අතිශය  මලේච්ජ මාධ්‍ය බාවිතාවක් මේ සමාජය තුළ හසුරවමින් සිටී. මේ ඛේදවාචකය තුළ ශලනි තාරකා වැනි ජනප‍්‍රිය කරු පමණක් නොව තවත් බොහෝ අය ගොඳුරු කරගනිමින් සිටී.

ශලනි ඔබ නීතිය හමුවට යන්න ඔබ ගන්නා පියවර තුළ හෙට දිනක මේ පාදඩ ක‍්‍රමය වෙනස් මාවතකට හරවා ගන්නට අනිත් අයද ඔබගත් ක‍්‍රියාමාර්ග ගනු ඇත.

සාරා සමරසේකර
mirrorarts.lk

ශලනි නිකුත් කර ඇති වීඩියෝව

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article