spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ශ්‍රේෂ්ඨාධිකරණයට බලපෑම් කිරිම සඳහා වු ගම්මන්පිලගේ Patima Church මෙහෙයුම !

Must read

Udaya_Gammanpilaමාධ්‍ය ඉදිරියට පැමිණ දෙසන බණ ඇසු විට ගමන්පිලලා ඇල්වතුරත් නිවා බොන තරම් නිවුණ මිනිසුන්ය. නොදන්නා දෙයක්ද නැත. නීතියද අකුරුටම දන්නා සේය .
තතු එසේ වුවද දැන් ගම්මන්පිල සිටින්නේ ගල උඩ කැත කළ බළලෙකුගේ ගානට වැටීය.
ඊට හේතුව වන්නේ දැනටමත් ප්‍රසිද්ධියට පත්ව ඇති කුප්‍රකට Patima Church මෙහෙයුමයි.
දැනට විභාග වෙමින් ඇති ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවලට බලපෑම් කිරිමට ඇති ඉඩකඩ සොයා බැලිම සදහා ගම්මන්පිල දිනක් මරදාන ඩින්ස් පාරේ පිහිටි පැටිමා දේවස්ථානට යයි . එහි මිසම් සේවක පියතුමා වන ඩිලාන් පෙරේරා පියතුමන් හමුවෙයි.
හමුවි පවසා ඇත්තේ පැටිමා පල්ලියට නිතර යන එන අගවිනිසුරුවරයා හමුවිමට අවස්ථාවක් ලබාදෙන ලෙසය.
ගොනා හැරෙන්නේ පොල්පැලයට බව ඉතා හොදින් දත් ඩිලාන් පියතුමා තවත් වචනයකුදු කථාකරගැනිමට ගම්මන්පිලට ඉඩක් නොතබාම ලුණු ඇඹුල් ඇතිව පවසා ගම්මන්පිලට ආපසු යන තැනට කටයුතු කර තිබුණි.|
බුද බණට හීලෑ වුන යක්කු මහින්දලා සහ ගම්මන්පිලලාට කඩේ ගියද ඩිලාන් පෙරේරා වැනි පියතුමන්ලා නිමල මරිය නිකායේ බව ගම්මන්පිලලා නොදනි.ය
බුත්තල ප්‍රදේශයේ අල්පේච්ච ජිවිතයක් ගතකළශ්‍රේෂ්ඨ පියතුමෙකු වු ඝාතනයට ලක්වු මයිකල් රොඩ්රිගු පියතුමා මෙන්ම තිස්ස බාලසුරිය පියතුමාද අයත්ව වන්නේ නිමල මරිය නිකායටය.
රාජපක්ෂලාට සිරිසේනලාට ලේසියෙන් ටැකල් කළ හැකි කාර්දිනල්ලාගේ  කිමට නොනැමෙන පෞරුෂ සහිත බහුතරයක් පියතුමන්ලා නිමල මරිය නිකායේ වෙති.
ගම්මන්පිළ නම් වු කොට්ටොරුවා කොටා ඇත්තේ කල් ඇතිව නොදන්නා කෙහෙල් ගහකටය. ඒ නිසාය හොට පැටලුණේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article