spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘ශාසනය ආරම්භයේ සිට ම දේවදත්ත කල්ලි හිටියා’ – මංගල කියයි (වීඩියෝ)

Must read

email sharing buttonsharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
බුද්ධ ශාසනය ආරම්භයේ සිටම දේවදත්ත කල්ලි සිටි බවත්, ඔවුන්ට උදව් උපකාර කළ ‘අජාසත්ත’ලා ද සිටි බවත් බුද්ධ ශාසනයේ ඉතිහාසය

හැදෑරු ඕනෑම අයකු දන්නා කාරණයක් බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

බුදුන්වහන්සේගේ දර්ශනයේ සැබෑ ස්වරූපය අද සමාජගත වී  නැත්තෙත්, විකෘති අදහස් දිනෙන් දින සමාජගත වෙමින් ඇත්තෙත් එවැනිකල්ලි කණ්ඩායම් නිසා බවද හිටපු ඇමතිවරයා අවධාරණය කර සිටියි.

මංගල සමරවීර හිටපු ඇමතිවරයා බුද්ධ ශාසනය ඉතිහාසය පෙන්වා දෙමින් ඉහත ප්‍රකාශය කර ඇත්තේ වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හරිමිනි.

ඔහු එම වීඩියෝව මුදාහැර ඇත්තේ, සංඝ සමාජයේ කල්ලියක් සිටින බවට ඔහු විසින් පසුගිය දා කළ ප්‍රකාශයට එරෙහිව ‘වොයිස්කට්’ හිමිවරුන් කිහිප නමක් කලබලයට පත්ව යලිත් ‘වොයිස්කට්’  දෙමින් සිටින මොහොතකය.

”අද යම් තරමකින් හෝ බුදුන්ගේ දර්ශනය මේ සමාජය තුළ ඉතිරි වෙලා තියෙනවා නම් ඒ තියෙන්නෙ, අතීතයේ සිට මේ දක්වා බද්ධ ශාසනය සුරැකි, භික්ෂු ශාසනය පෝෂණය කළ විනයධර, ධර්මානුකූල සිල්වත් භික්ෂූන්ව හන්සේලාගේ කැපකිරීම් නිසා.

ඇත්ත වශයෙන්ම ඒ භික්ෂූන් වහන්සේලාට අපේ ගෞරවය පුද කළ යුතුයි.

ඒ නිසාම ශාසනය විනාශ කරන කල්ලි කණ්ඩායම් ප්‍රතික්ෂේප කරන්න අපි දෙවරක් සිතන්න අවශ්‍ය නෑ. මොකද බුදු හාමුදුරුවෝ වැඩ හිටපු කාලෙත් මේ වගේ කල්ලි හිටියා. දේවදත්ත කල්ලිය භික්‌ෂූ කල්ලිය බුදුන් දවසේ කල්ලිවාදයට හොඳම උදාහරණ” යයි මංගල සමරවීර එම වීඩියෝ වෙන් අවධාරණය කර සිටියි.

 

බුදුන් දවස ජබ්බග්ගිය භික්‌ෂූ කල්ලි! 

බුදුන් දවසේ කල්ලිවාදය ප්‍රචලිත කළ භික්‌ෂුව ලෙස දෙව්දත් භික්‌ෂුව හඳුන්වා දිය හැකියි. ශාසන ඉතිහාසයට අනුව, දේවදත්ත කල්ලිය, ජබ්බග්ගිය භික්‌ෂූ කල්ලිය බුදුන් දවසේ කල්ලිවාදයට හොඳම උදාහරණ වේ.

දෙව්දත් භික්‌ෂුව බුදුරජාණන් වහන්සේගෙන් වර පහක්‌ ඉල්ලා, එය නොලැබ සිය අභිමතාර්ථය ඉටු නොවීම හමුවේ ශාසනික සම්ප්‍රදාය නොදත්, අලුතින් පැවිදි බිමට ඇතුළත් වූ, මන්ද බුද්ධික භික්‌ෂුන් පිරිසක්‌ තමා වසඟයට ගෙන වෙනම කල්ලියක්‌ හදාගනු ලබනවා.

“නවක පබ්බජිතා මන්දබුද්ධිකො කල්‍යාණං දෙවදත්තො ආහ.” යනුවෙන් දහමෙහි දක්‌වා ඇත්තේ දෙව්දත් භික්‌ෂුවගේ කල්කිරියාවය.

ජබ්බග්ගිය යනු හය දෙනකුගෙන් සැදුම්ලත් කණ්‌ඩායමකි. පණ්‌ඩුක, ලෝහිතක, මෙත්තිය, භූම්මජක, අස්‌සජී සහ පුනබ්බසුක ආදී භික්ෂූන් මෙම කණ්‌ඩායම නියෝජනය කළ බවත් ඔවුන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශික්‍ෂා පද සහ විනය උල්ලංඝනය කරමින් හැසිරුණු පිරිසක් බවත්, ඔවුන් කොතරම් වරදකාරී වූ නමුත් මේ කණ්‌ඩායම සමගත් විශාල පිරිසක්‌ ගොනුවී සිටි බවද ශාසන ඉතිහාසය තුළ සඳහන්ව ඇත.

මේ පිරිස ජනතාව සමඟ සමාජ සේවය කරන බව පවසමින් ධර්මනුකූල දිවි පැවැත්ම පසෙකලා ගිහියෝ සමඟ විවිධ කටයුතුවල නිරත විය. සිවුරු පොරවාගත් මෙම ජබ්බග්ගිය භික්‌ෂුන් කණ්‌ඩායම ගිහියන් මෙන් ඉතාමත් කාමභෝගී ජීවිතයක්‌ ගත කළහ.

එදා වගේම අදත් මේ ‘සුපර් ස්ටාර්ලා’ බවට පත්ව සිටින ‘වොයිස්කට්’ සාදුලා ද මේ බුද්ධ ශාසනය විනාශ කරමින් සිටිති. අනාගතයේ මේ රටේ බුද්ධ ශාසනය වනසා දමන්නේ, විනයක් නැති, ධර්මානුකූලභාවයක් නැති සිය පැවැත්ම වෙනුවෙන් පමණක් චීවරය පොරවාගෙන එක එක මුදලාලිලාගේ  ඕනෑ එපාකම් වෙනුවෙන් බුද්ධ චීවරය වෙන්දේසි කරන මේ චීවර කල්ලි විසිනි.

මෙම කල්ලි තම තමන්ගේ පහසුව වෙනුවෙන්, වරප්‍රසාද වෙනුවෙන්, යානවාහන වෙනුවෙන්, මිල මුදල් වෙනුවෙන් වැඩිපුර ආගමිකභාවය, සංස්කෘතික ආකෘති, දෙවිවරු, භූතයෝ වැනි දේ පෙරට දමමින් චීවරයට මුවා වී ව්‍යපාරික දිවියක නිරතව සිටින බව සිහි බුද්ධිය ඇති ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකිය.
theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article