spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ශු.අන්තෝනි මුනිතුමෙනි ! කසිප්පු කාරයින්ගෙන් අප ගලවාගෙන ඔබද ගැලවෙනු මැනවී?

Must read

Francisco_de_Zurbarán_-_Sto_Antonio_de_Paduaපෘතුගීසි ජාතික කතෝලික පුජකවරයෙකු වූ  ශු. අන්තෝනි මුනිතුමන් ඉපදී ඇත්තේ 1195 අගෝස්තු 15 වෙනිදා  පෘතුගාලයේ ලිස්බන්  නගරයේදී වන අතර  1231 ජුනි 13 වෙනිදාවක ඔහු මියගොස් තිබේ.  අද ලෝකයේ බොහෝ කතෝලික රටවල හා ප්‍රදේශ වල මෙතුමන්ගේ අභාවප්‍රාප්තිය ඉතාම ඉහළින් සිහිකරමින් දාන ධර්ම, සිහිකිරීමේ පිළිවෙත් කරනු ලබන අතර අද සෑම දෙසින්ම ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ ගුණ ගායනා ඇසෙයි.
මා මේ සටහන තබන්නේ ශු අන්තෝනි මුනිතුමන් විසින් මුල් සියවස් වලදී ශිෂ්ටාචාරය යහපත්   කරන්නට සිදුකළ පුරෝගාමී මෙහෙවර නොදන්නා සමාජයකදී ඔහුට අත්වී ඇති ඉරණම ඉතා ශෝචනීය තත්ත්වයක තිබෙනු දැකීම පිළිබඳවයි. වෙන්නප්පුව,බොරලැස්ස,බෝලවත්ත වැනි ප්‍රදේශත් කතෝලික ජනතාව ඉතා ඉහළින් අද එතුමන්ගේ ප්‍රතිමා සරසමින් පාන්දර සිට දාන කටයුතු වලට සැරසෙන අතර මේ බැතිමතුන් අතර සමාජයට පිළිලයක් වී ඇති කසිප්පු මුදලාලිලා සහ ගංජා ,මත්කුඩු ව්‍යාපාරිකයන්ද ඉහළින්ම සිටිති. වසරක් පුරා නීති විරෝදී ලෙස කසිප්පු පෙරමින්, ගංජා විකුණමින් සමාජයට අපරාධකරුවන් රැසක් දායාද කරමින් සිටින මොවුන් අද යහපාලන රජයේද ඉහළින්ම ඉදිරි පෙළෙම වැජඹෙනු. රාජ්‍ය නිලධාරීන්ගේ ද පූර්ණ අනුග්‍රාහය ඇතිව සිදුකරන මෙම අනවසර කසිප්පු ව්‍යාපාරය වෙන්නප්පුවේ  – බොරලැස්ස යන නගර වල තවමත් නවත්තන්ට පොලීසියේ කිසිදු ලොක්කෙකුට ‍නතර කිරීමට නොහැකි වී ඇති.

එදා ශු. අන්තෝනි මුනිදුන් පෙනී සිටියේ සමාජයේ දිළිදු,දුගීදුප්පත් මිනිසුන්ගේ ජීවිත සුබසිද්ධිය සඳහා වුවුද එතුමන්ගේ ප්‍රතිමාව ඉදිරියෙන් තබාගෙන පිටුපසින් ගංජා විකුණමින්,අරක්කු විකුණමින් තමන්ගේ පාරිභෝගිකයින් ලෙස තබාගෙන සිටින්නේද උලු මෝල් වල,කොහු මොල් වල, ශ්‍රමය වගුරන පීඩිත කම්කරුවන් සහ කම්කරු රැකියාවේ යෙදෙන ‍කම්කරුවන්වය. ඇත්තෙන්ම ජාවාරම්කරුවෝ ඔවුන්ට සලකන්නේ කම්කරුවන්ගේ පදනමින් නොවන අතර වහල්ලුන්ට සලකන ආකාරයටය. අරක්කු වීදුරුවක්, රුපියල් 200ක් දවසටම ගෙවමින් මුළු දවස පුරාම මෙම අසරණ මිනිසුන්ගේ ශ්‍රමය සූරාකමින් පොලීසියෙන් බේරීමට ඇපකරුවන්ලෙසද මොවුන්ව යොදා ගනියි. කිසියම් හෝ කෙනෙක් මෙම මිනිසුන්ගේ ආයු වැළඳීම පිළිබඳව සමීක්ෂණයක් කළහොත් වෙන්නප්පුව වැනි නගරවල දුප්පත් කම්කරුවන් වැඩි සංඛ්‍යාවක් මිය යන්නේ මෙම අහිතකර අරක්කු පානය කිරීමෙන් බව ඔප්පු කිරීම එතරම් අපහසු නොවේ. මේ ආකාරයට මිනිසුන්ගේ ජීවිත බිල්ලට දෙමින් තමන්ගේ බඩවියත රැකගන්නා කසිප්පු මුදලාලිලා පල්ලියේ මංගල්‍ය දවසට ද නගරයේ සිටින හොදම දානපතියෝ බවට ද පත්වෙති. කතෝලික පල්ලියද මෙවැනි සමාජයට විණකරන කසිප්පු මාදලාලිගේ,ගංජාකාරයින්ගේ ,කුඩු ගෙන්වන්නන්ගේ පඩුරුද බාරගනිති.
මෙවැනි කසිප්පු ව්‍යාපාර පවත්වන ස්ථාන වලට පැය 24ක් පුරා කඹුරන දුප්පත් කුලී හේවායෝ අද දවසේ ඔවුන්ගේ අතින්ම ශු.අන්තෝනි මුනිදුන්ගේ මංගල්ලයට කොඩි දමමමින් ඔවුන්ගේ පවු වලට කමාව ද ඉල්ලති. මෙය සමාජයේ පිළිකුලට ලක්කළ යුතු, හෙළාදැකිය යුතු සිදුවීමකි.
අන්තෝනි මුනිදුන් තමන්ගේ රැකී රක්ෂාවේ දියුණුව ලබාදෙන බව මේ ප්‍රදේශයේ කතෝලික ජනතාව විශ්වාස කරති.
ඒ අනුව එදා සිටම සිය රැකියා ස්ථාන වල මෙම දිනය සැමරීමද චාරිත්‍රයකි. ජීවනෝපායක් ලෙස නීති වීරෝධි කසිප්පු පෙරන්නන් වැඩිපුර සිටින මෙම ප්‍රදේශ වල ජනතාවද ඔවුන්ගේ මෙම සමාජවිරෝදී, නීතිවිරෝධී ව්‍යාපාර වලට ආශිවාර්ද ඉල්ලමින් අද ශ්‍ර.අන්තෝනි මුනිදුන්ට දාන ධර්ම දෙති. පොලීසියෙන් එන නිසා ඉස්සර නම් මහින්දගේ පින්තූරය අලවාගෙන අරක්කු ඇද්ද වාහන වල දැන් මෛත්‍රීගේ පින්තූරද අලවාගෙන සිටිති.  ශු.අන්තෝනි මුනිතුමාගේ පිළිරුව ඉදිරියෙන්ම සිටුවාගෙන සිටිති.  ඉහත සඳහන් කළ කණ්ඩායම් වලට අමතුරව අද අන්තෝනි මුනිදුන් සමරන තවත් කොට්ඨාශකි. ඒ ප්‍රදේශයේ දූෂිත වැඩ කරන දේශපාලකයෝය. ඔවුන්ද මේ සමාජ විරෝදී ක්‍රියාවලියේ පෙරගමන්කරුවෝ වන අතර මේ සන්ධානගත අශුද්ධ ක්‍රමය වෙනස් කිරීමට නම් ශු. අන්තෝනි මුනිවරුන් වැඩි වැඩියෙන් බිහිකිරීමේ අවශ්‍යතාවයක් වගකීමක් අපට පැවරී තිබේ.

ජසින්තා නිර්මලී

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article