spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ශු. පියෝ පියතුමා සොයා ගිය ගමන

Must read

IMG_1351මෙවර පස්කු මංගල්ල්‍ය නිමිති කොට ගෙන ඉතාලියේ ෆොජ්ජියා නගරයේ සැන් ජොවන්නි රොතොන්දෝ හී ශු.පියෝ මුනිතුමාගේ සිද්ධස්ථානය වෙත ගියෙමි.
    1887 මැයි මස 25 වන දින  ඉතාලියේ උතුරු නාපොලි නගරයේ පියෙත්‍රෙල්විනා නම්  ගමේදී  පියෝ පියතුමා දුප්පත් ගොවි පවුලක  උපත ලැබීය. කුඩාකල තම පියාගෙන් ලද අත්දැකීමකට අනුව පැවදි ජීවිතයක් ගත කිරීමට පියෝ සිතා ගන්නා ලදි.
ඔහු  අවුරුදු 16 දි ප්‍රැන්සිස්කන් නිකායට ඇතුලු  වී 1909 දි පූජකවරය ලැබීය.
පූජකවරයෙන් වසරකට පසු දිනක තම දෑත් වල ගැඹුරු වේදනාවක් ඔහුට ඇතිවිය.
1918 සැප්තැම්බර් 20 දින  ඔහු  තමාට ශ්‍රී වණ කැලැල් ලැබී ඇති අත් හා පා වලින් ලේ ගලන  දර්ශනයක් දකින ලදි.
ඒ දර්ශනය පරිදි ඒසේම ලේ ගැලීමක් වසර 50 කාලයක් සිදු විය.
කපුචින් ප්‍රැන්සිස්කන්වරු මෙය අනාවරණය කළ අතර මාධ්‍ය තුලින් ලෝකයාට දැනගන්නට ලැබිනි.
මේ අතර එතුමා ජිවත් වූ දකුණු ඉතාලියේ ෆොජ්ජියා හී සාන්ත්ත ජොවන්නි  රොතොන්දො නගරයට, එතුමාගේ පුජාව සඳහා දස දහස් ගණන් පැමිනෙන්නට විය.මේ ගැන වතිකානය පරීක්ෂණ ඇරඹීය. IMG_1347
ජේ්‍යෂ්ඨ පියවරු එතුමාට ප්‍රසිද්ධියේ පුජාව තැබීම තහනම් කලේය.
 ඒනුවර නගරාධිපති ඇතුලු සැදැහැවතුන් ඊට තදබල ලෙස විරෝධය පෑම නිසා නැවතත් එතුමාට පුජාව තැබීමට අවසර දුන්හ.
   1925 දි පියෝ පියතුමා විසින් කුඩා රෝහලක් විවෘත කර වේදනාවෙන් මිදුන අය සඳහා ගෘහයක් ආරම්භ කරන ලදි.
1931 දි  වතිකානුව විසින් පියෝ පියතුමා හට පාපොච්චාරණය ඇසිම හා ප්‍රසිද්ධියේ පුජාව තැබීම වසර 03 කට තහනම් කරන ලදි.
ඒ 1930 දි පියෝ පියතුමාගේ නිවසට ස්ත්‍රීන් පැමින්නෙන බව නිර්නාමික ලිපි ලැබීම හේතුවෙනි.
නමුත් පසුව මේ සියලු දේ අස්ත්‍ය බව තහවුරු විය
 පියෝ පියතුමා ප්‍රසිද්ධ පාපොච්චාරණ අසන්නෙකු විය.    වර්ෂ 1947 දි කැරොල් වොයිටෙල්ලා පියතුමාද (පසුව 2 වන ජුවාම් පාවුලු පාප්තුමා ) ද පියෝ පියතුමා ලඟට පාපොච්චාරණ්ය කරා ගිය විට එතුමා පාප්තුමේකු වන බව පියෝ පියතුමා කී බව සඳහන් වේ. වර්ෂ 1968 දි සැප්තැම්බර් 20 දින ශ්‍රී වන  කැලැල්  ලැබීමේ රන් ජුබිලිය සැමරුමට මහත ජනකායක් පැමිණ සිටියහ. පසුව දින තුනකට පසු එනම් 23 දින  උදැසන පුජාව අතර තුර තම වණ කැලැල් හා තුවාල සුව විය. එදිනම එතුමා ස්වර්ගස්ථ විය.
      ශු. පියෝ පියතුමා ඉතාලිය තුල වඩාත් ප්‍රසිද්ධ සාන්තුවරයෙකි.ඉතාලියේ සෑම නගරයක් හා නිවසක් තුළ පියෝ පියතුමාගේ ප්‍රථිමා දක්නට ලැබේ.මෙතුමා හට මෙතරම් ආදරය කරන ජනතාවක් ඉතාලිය තුල වන්නේ  මෑතක් වන තුරු පියෝ පියතුමා ජීවතුන් අතර සිටි නිසයි.   ඔහුගෙන් ආශිර්වාද ලැබූවෝ බොහෝමයක් ඉතාලියේ දැනටමත් ජිවත් වේ. බොහෝමයක් වයස් ගත පුද්ගලයෝ ශු.පියෝ මුනිතුමාගෙන් ආශිර්වාද ලැබුවෝ තවමත් ඉතාලියේ ජිවත්වේ. එතුමා සියැසින් දුටු කාන්තාවක් ඇයගේ අත්දැකීම අප ලාංකීකයෙකුට මෙසේ පවසා ඇත.
මැය නමින් වික්ටෝරියා වේ. මැය වසර 17 දි පියෝ පියතුමාගෙන් ආශිර්වාද ලැබීමට එම දේවස්ථානයට යන ලදි.
එහි පොලීමේ සිටියේදි ඇයගේ වාරය පැමිනීය. නමුත් එකෙනෙහිම පියෝ පියතුමා තම අසුනෙන නැගිට එලියට ආවේය. එහිදී සෙනග පිරිවරා පියතුමා ලඟට පැමින තිබේ .මෙහිදී වික්ටෝරියා තෙරපා සෙනග පියතුමා වෙත ඇදී යන ලදි.මෙය දුටු පියෝ පියතුමා වික්ටෝරියා හට අත දිගු කර කතා කර ඇයව කැඳවා ආශිර්වාද කරන ලදි.  මෙය අත් දුටු වික්ටෝරියා තම නිවසෙහි සෑම කාමරයකම පියෝ පියතුමාගේ ප්‍රතිමා තබා ඇත.මැය තවමත් ඉතාලියේ මෙසීනා නගරය ජිවත් වේ.
     ශ්‍රී ලංකාවේද අතුරුගිරිය ප්‍රදේශයේ පියෝ මුනිතුමාට කැපකල දේවස්ථානයක් වේ.  එය නිර්මාණයට මූලික වී ඇත්තේ ඉතාලියේ සේවය කල අයෙකු යැයි ජනප්‍රවාදයක් පවති. එම පුද්ගලයාට ඉතාලියේදි ලොතැරැයික් ඇඳී ලැබුනු මුදල් වලින් මෙය නිම කර ඇතැයි කතාවක් පවති.
    පියෝ පියතුමාගේ සිරුර දිරා ඇතත් වණ කැලැල් වූ අත් එසේම පවතී. සන් ජොවන්නි රොතොන්දෝ හී දේවස්ථානයේ පියෝ මුනිතුමාගේ සිරුර තිබෙන අතර එහි  සමහර කොටස් නොදිරා පවති.නමුත් මුහුණ නැවතත් නිර්මාණය කර තිබේ.
සටහන – දිල්ශාන් ක්‍රිෂාන්ත තිසේරා

IMG_1421IMG_1379IMG_1561IMG_1557IMG_1498 IMG_1488IMG_1345IMG_1343IMG_1346

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article