spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

” මම පිපාස වෙමි”

Must read

DSC03378ලොවපුරා කතෝලික බැතිමතුන් විසින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයේ දිවි පිදීම මගින් මුළු ලොවටම ගැලවීම උදාවීම පසුගිය මහ සිකුරාදා දින :03- සැමරෑහ.
ශ්‍රී ලාංකික කොතෝලික බැතිමතුන් ද මෙම මහා සිකුරදා විශේෂ දේව මෙහෙයන් සදහා සහභාගීවෙමින් මෙම සුවිශේෂී අවස්ථාව සමරනු ලැබීය.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය හා කුරුස ගසේ උකුත් වීම සිහිකරමින් සිදු කරනු ලබන පාස්කු දුක්ප්‍රාප්ති රංගන කතෝලික බැතිමතුන් විසින් ඉතාමත් භක්ති ආදරයෙන් යුතුව සිදු කරන ලබන භක්ති අභ්‍යාසයකි.

එවැනි දුක් ප්‍රාප්ති භක්ති අභ්‍යාසයක් මඩම්පැල්ල කටාන ප්‍රදේශවාසීන් විසින් මඩම්පැල්ල ශු.සන්තියාගෝ දේවස්ථාන භූමියේදී පීඨ තුනකින් සමන්විත දැවැන්ත වේදිකාවක් මත මහ සිකුරදා :03- දින සවස සංවිධානය කරනු ලැබිය.
 17වන සියවසේදී පමණ ජර්මනිය වසා පැතිරී තිබු කළු මරණය හෙවත් මහාමාරිය රෝගයෙන් මිදීමේ භාරයක් ලෙස 1633 දී පමණ ජර්මනියේ ඔබේරා -අමර්ගු නුවර පළමු වරට ඉදිරිපත් කළ පාස්කු රංගනය වසර දහයකට වරක් වර්තමානයේදී ද පැවැත්වෙන අතර අවසන් වරට එය පැවැත්වූ 2010 වසරේ එම නාට්‍ය නිර්මාණයහි අභාෂය ගනිමින් නිර්මාණය කළ 'මම පිපාස වෙමි'  නම් වූ මෙම පාස්කු රංගනය කතෝලික සාහිත්‍යයේ එන පසන් ,ලතෝනි අන්තර්ගත කරමින් දේශීය නැටුම් සම්ප්‍රදායන්හි අභාෂයන් ද ගනිමින් නව මුහුණුවරකින් ඉදිරිපත් කරන ලදී.
 නළු නිලියන් 150 පමණ සහභාගිත්වයෙන් යුතුව සිදුවුණු මෙම පාස්කු රංගනය සදහා ආධුනික ශිල්පින් මෙන්ම පාරම්පරික පිටිපන පාස්කු ශිලිපින්ගේ ද දක්ෂතාවන් මුසු වීම මෙහි සුවිශේෂී ලක්ෂන්‍යකි.
 දෙවියන් වහන්සේ මුල්ම මිනිසුන් පදිංචි කළ ඒදන් උයනේ සිට කල්වාරිය දක්වා ජේසුස් වහන්සේගේ කතාව නිරුපනය කල මෙහි ජේසුස් වහන්සේගේ චරිතය මදුෂාන් වික්‍රමාරච්චි විසින්ද මරිය තුමියගේ චරිතය හංසනී සිල්වා විසින්ද පිලාත්ගේ චරිතය වසන්ත දංගල්ල විසින්ද රංගනගත කරන අතර ජුදාස් ලෙස අමල් ශිරන්තද කයාපස් ලෙස තුසිත නිලාන්ද රංගනයෙන් සහභාගී විය. නර්තන අධ්‍යක්ෂණය ඉසුරු චාමර විසින් සිදු කරනු ලැබූ මෙම පාස්කු රංගනයේ සංගීත අධ්‍යක්ෂණ සුලෝචන රාජපක්ෂ අතින් සිදුවිය. 

 මම පිපාස වෙමි.
 පාස්කු රංගනයේ සියලුම ශිල්පින් සම්බන්ධ කරමින් මෙම දැවැන්ත රංග කාර්යය අධ්‍යක්ෂණ කරනු ලැබුවේ සිසිර ජයශාන්ත විසිනි.
 මඩම්පැල්ල මීසම් පාලක ගරු ලක්නාත් කුරේ පියතුමන්ගේ අධීක්ෂණය යටතේ ‘මම පිපාස වෙමි ‘ සාර්ථක රංගනයක් බවට පත්විය .
 පහත වර්ණ ඡයාරුපයෙන් දැක්වෙන්නේ බරබ්බාස් නමැති සොරාව නිදහස් කරමින් පිලාත් විසින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව කුරුසියේ මරණය සදහා තීන්දු කරනු ලබන අවස්ථාව. 
'මම පිපාස වෙමි' පාස්කු රංගනයේ ඉදිරිපත්කල අයුරුය. DSC03376
සටහන - චතුර විමර්ශ
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article