spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පරණ වීගෙන එන පොරොන්දු ගැන ධිවරයෝ අලුත් ආණ්ඩුවට මතක් කරති

Must read

DSCF3639 DSCF3648
ඉල්ලීම් කීපයක් මුල් කොට ගෙන මිගමුව ඇතුළු ප්‍රදේශ  කීපයක ධීවරයින් දහසකට වැඩි පිරිසක් මුහුදු යාමෙන් වැලකී ඊයේ 06) දින මිගමුව  කොතලාවල පාලම අසල ධීවරයින් උද්ඝෝෂනයක නියලුනහ. මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ ධිවර සංවිධාන එකමුතුව විසිනි.
   කම්මල්තොට  පලගතුරේල ඒත්තුකාල , වැල්ලවිදීයල,  කුඩාපාඩුවල පිටිපන පිටිපන වල යන ප්‍රෙද්ශ වල ධීවරයින්,  මුහුදු යාමෙන් වැලකී මෙම උද්ඝෝෂනයේ නියලී සිටියහ.
දීර්ඝ කාලයක සිට බලපා ඇති  ගැටළු වන   කරවල ප්‍රශ්නය, තහනම් ආම්පන්න,  පිටරට මාලු ගෙන්වීම, හිග සහනාධාර මුදල් නොලැබීම, විකල්ප සහානාධාර ලබාගැනීම, වරාය නගරය,  වෙත විරෝධය දැක්වූ අතර නව රජය වෙත අලුත් ඉල්ලීම් මාලාවක් ද ඉදිරිපත් කර සිටියේය.
ධිවර රක්ෂණ ක්‍රමයක් ඇති කිරීම, මාලු සදහා සහන මිළක්, සංක්‍රමණික ධිවර ගැටළු, ධිවර රැකියාවේදී ඇතිවන අනතුරු වලදී ඔවුන්ව බේරාගැනීමේ ක්‍රමයක් ඇතිකිරීම, කරවල කර්මාන්තය නිසා මුහුද අපවිත්‍රවීම යන ගැටළු වලට ද විසදුම් ලබාදෙන ලෙසද රජයට බලකළහ.

2

   පසුගිය රජය සමග කෙතරම් සාකච්චා කලත්  රජය  මේ ප්‍රශ්න  වලට  ලබා දීමට පොරොන්දු  උවත් එය සාකච්චා වලට සීමා වු බවත්
මේ රජය බලයට ඒ මේදි මැතිවරන පොරොන්දු  වලදී   තම රජය බලයට පැමිණි විගස ම ධීරයින්ගේ ප්‍රශ්න වලට සාධාරණ විසදුමක්  ලබා දෙන බව පවසා සිටියහ.   නමුත් බලයට පැමිණ දැනට දින සීය ගෙවිමට  ඇත්තේ තව දින කීපයකි. මෙම ධිවර පිරිස    අදාල ඇමතිවරුන් සමගද  සාකච්චා කලත් මේ මොහොත වෙන තුරුත් ධීවයින්ට අදාල එක ප්‍රශ්ණයක් වත්  නොවිසදුනු  බැවින්  ධීවරයින්ගේ ගැටළු වලට හැකි ඉක්මනින් විසදුම් ලබා දෙන ලෙස රජයට  නැවතත් බල කරමින් මෙම විරෝධතාවයේ නියලුන බව  ධීවර එකමුතුවේ නියෝජිතයින්  පවසා සිටින ලදී.
සටහන සහ ඡායාරූප – සිතුමි නවෝදා
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article