spot_img
spot_img
Saturday, May 11, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සංචාරකයින්ගේ PCR වාර්තා පැය 03 ක් ඇතුලත ලබාදිමට පියවර

Must read

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මංසන්ධියට නුදුරු ස්ථානයක මෙම පරීක්ෂණාගාරය ඉදිකර ඇති අතර පැය 03ක් ඇතුළත ඉන් පී.සී.ආර්. වාර්තාවන් ලබාදීමට නියමිත ය.

සංචාරක අමාත්‍ය, ප්‍රසන්න රණතුංග මහතා, මේ අවස්ථාවේදි අදහස් දක්වමින් කියා සිටියේ …සංචාරකයා මෙතෙන්ට ඇවිල්ලා පැය 3 ක් ඇතුළත පී.සී.ආර් රිපොර්ට් එක දුන්නාම පුලි එන්නත්කරණය කරපු සංචාරකයෙක්ට සමාජගත වීමේ හැකියාව තියෙනවා. මං හිතන්නේ අපි හෙට නැත්තම් අනිද්දා ඉදන් මේ ස්ථානය ආරම්භ කිරීමත් එක්ක විදේශ රටවල ඉඳලා එන සම්පුර්ණ එන්නත් කරපු සංචාරකයින්ට මේ ස්ථානයට ඇවිල්ලා පී.සී.ආර් එක අරන් තමන් හෝටලයට යනකොටම නෙගටිව් පී.සී.ආර් එකක් ලැබුණොත් ඔවුන්ට සංචාරයට රටපුරා යන්න පුළුවන් වෙනවා. ඒක තමා අපේ ඉලක්කය …

පසුගිය කාලය තුල එතෙර සිට පැමිණෙන විශාල ශ්‍රිලාංකිකයන් පිරිසකට සිය මුදල් නිරපරාදේ හෝටල් මාෆියායවක් වෙනුවෙන් වැය කිරිමට ඉඩ දුන් මේ රජය පමා වි සුපුරුදු පරිදි මෙවැනි කටයුත්තක් ආරම්භ කිරිමට පියවර ගැනිමට හොද යැයි කියා සිටියේ ඉතාලියේ සිට පැමිණ හෝටල් වල ලැගිමට රජය විසින් දි තිබුන තිරණය අනුව ලක්ෂ 2 කටත් වඩා වැඩි මුදලක් වැයකිරිමට සිදුව අයෙකි.
ඉතාලියට පැමිණ අපි හම්බකරන මුදල් වලින් කොටසක් ලංකාවට එවන්න යැයි අයදින රජය රටවිරුවන් වෙනුවෙන් කිසිදු සහන සැලසිමක් ගැන කිසිදු වැඩපිළිවෙලක් සකසා නැතැයිද ඔහු චෝදනා කර සිටියේය .
ඡායා- පියපේම මාණික්කරත්න

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article