spot_img
spot_img
Sunday, May 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නීතිය බලාත්මකයි! පාරිභෝගික නීතිය කැඩුවොත් දඩය කෝටියයි !

Must read

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පතට 22 දා පස්වරුවේම සිය අත්සන යොදා පනත බලාත්මක කළේය.

පාර්ලිමේන්තුවේදී මෙම පනත් කෙටුම්පත විවාදයට ගැනීමෙන් අනතුරුව සංශෝධන රහිතව සම්මත විය. වෙළෙඳ ඇමැතිවරයා විසින් ඉකුත් සැප්තැම්බර් 06 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත 2021 අගෝස්තු 19 වැනිදා ගැසට්පත‍්‍රයේ පළකෙරුණි.

බලාත්මක වූ නව නීතියට අනුව පාරිභෝගික අධිකාරි පනතේ 20 වැනි වගන්තිය යටතේ පනවන ලද නියමයන් පැහැර හරිනු ලබන තැනැත්තන් මහෙස්ත‍්‍රාත් අධිකරණයේ වරදකරු වුවහොත් පනවන ලද දඩ මුදල වැඩි වනු ඇත.

ඒ අනුව පළමු වර වරදක් සම්බන්ධයෙන් රුපියල් ලක්‍ෂ 5 කට නොවැඩි දඩයක් හෝ මාස හයකට නොවැඩි සිරදඬුවමක් ද දෙවන වරට සිදුකරන වරදකදී රුපියල් ලක්‍ෂ 12 කට නොඅඩු හා රුපියල් මිලියනයකට නොවැඩි දඩයක් හෝ වසරකට නොවැඩි සිරදඬුවමක් හෝ ඒ දෙකම පැනවීමට ද හැකිවෙයි.

තවද අදාළ නියමයන් පැහැර හරිනු ලබන්නේ ආයතනයක් නම් පළමු වරට වරදකරු වූ විට රුපියල් ලක්‍ෂ පහකට නොඅඩු හා රුපියල් මිලියන පහටක නොවැඩි දඩයක් ද ඉන් පසුව වරදක් සිදුකළහොත් රුපියල් මිලියනයකට නොඅඩු හා රුපියල් මිලියන දහයකට නොවැඩි දඩයකට ද යටත් වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article