spot_img
spot_img
Sunday, April 28, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ඉන්ධන ගන්න, ඉන්දියාවෙන්ඩොලර් මිලියන 500 ක ණයක් ?

Must read

ඉන්ධන මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 500 ක ණයක් ලබාගැනිමට ශ්‍රී ලංකාව ඉන්දීය රජය සමඟ සාකච්ඡා කරමින් සිටින බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පැවසු බව නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ඉකොනොමි නෙක්ස්ට් වෙත අදහස් දක්වමින් ජයසුන්දර කියා සිටියේ තෙල් ණය පහසුකමක් සඳහා ඉන්දියාව රජය සමඟ සාකච්ඡා කරන බවයි.

ශී‍්‍ර ලංකාව සහ එමිරේට් නැෂනල් ඔයිල් සමාගමේ (ඊඑන්ඕසී) සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී සයිෆ් අල් ෆලාසි අතර සාකච්ඡා සඳුදා (20) සාධනීය ලෙස අවසන් ව තිබුන අතර සාකච්ඡාවලින් අනතුරුව ඇමති ගම්මන්පිල පැවසුවේ ණය පහසුකමකින් බොරතෙල් මිලදී ගැනීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා පැවැත්වූ බවයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුහුණ දී ඇති බරපතල මූල්‍ය අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තර වෙළඳපොලෙන් ඩොලර් බිලියන 2.5 ක ණයක් වහාම ලබා ගැනීමට ඔහුගේ අමාත්‍යාංශය පසුගියදා තීරණය කිරීමෙන් පසු මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සාකච්ඡා කිහිපයකම නිරත විය. ඉරිදා ලංකාදීප පුවත්පතට අනුව, ණය ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත. කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවක් එම යෝජනා අධ්‍යයනය කර ඇති අතර ණය ලබා ගැනීමේ කොන්දේසි පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

මේ අතර මෑතකදි මාධ්‍යවේදින් විසින් ඇමති ජොන්ස්ටන්ගේ විමසා සිටියේ ආණ්ඩුවට සල්ලි නෑයි කියන්නේ ඇත්දැයි කියාය.ඊට ඔහුගේ පිළිතුර වුයේ කිසිම මුදල් අර්බුදයක් නැති බවය.
රට මුහුණ දි ඇති දරුණු වසංගත තත්වය හමුවේ ජනතාවට අවැසි එන්නත් ලබාගැනිම සදහාද පසුගියදා ලෝක බැංකුවෙන් ණයක් ඉල්ලා තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article