spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සංචාරක කුලි රථ රියදුරන්ට චණ්ඩිපාට් දැමු මැරයන්ට වැඩ වරදින ලකුණු ?

Must read

ප්‍රසන්න රණතුංග

සංචාරකයන් රැගෙන යන කුලී රථ රියදුරන්ට පහරදීමේ හා තර්ජනය කිරීමේ සිද්ධීන් නැවත ඇති වීම වැළැක්වීම සදහා වහා පියවර ගන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දී තිබේ.

සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශ ලේකම් මරීනා මොහොමඩ් මහත්මිය වෙත හා සංචාරක සංවර්ධනය අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මියට ලිපියක් යවමින් ඇමතිවරයා සඳහන් කර ඇත්තේ ඊට අදාළව ගත් පියවර සම්බන්ධයෙන් තමාව දැනුවත් කිරීමට ද කටයුතු කරන ලෙසයි.

දිවයිනට පැමිණෙන සංචාරකයන් අදාළ කුලී රථයේ සිටියදී ම එම කුලී රථ රියදුරාට වෙනත් කුලී රථ රියදුරන් හෝ මැර කණ්ඩායම් පහරදෙන හා තර්ජනය කරනු ලබන සිදුවීම් ඇතුළත් ඇතුළත් දර්ශන කීපයක් පහුගිය කාලය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇත.

මිගමු දේශපාලකයෙකුට සම්බන්ධ මැරයන් සංවාරක කුලි රථ රියදුරෙකුට තර්ජනව කරමින්
මිගමු දේශපාලකයෙකුට සම්බන්ධ මැරයන් සංවාරක කුලි රථ රියදුරෙකුට තර්ජනව කරමින්

මෙම දර්ශන වලට අදාළ සිද්ධීන් පිළිබඳව සොයා බලා අදාළ වගකිවයුත්තන්ට එරෙහි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඇමතිවරයා දැනටමත් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ. ඊට අමතරව මෙවැනි සිදුවීම් වැළැක්වීමට අමාත්‍යංශය පාර්ශවයෙන් ගත හැකි සෑම පියවරක් ම ගන්නා ලෙස ඇමතිවරයා අමාත්‍යංශ ලේකම්වරියට උපදෙස් දී තිබේ.

දිවයින පුරා ඇති සංචාරක කලාප ආශ්‍රිත ව කුලී රථ සේවවේ නිරත ඇතැමුන් පික්මී, ඌබර් වැනි ජාත්‍යන්තර යෙදවුම් හරහා සංචාරකයන් කුලී රථ සේවාවන් ලබා ගැනීමට විරෝධය පළ කරයි. පහුගිය දිනවල සමාජ ජාලා වල විකාශය වූ බහුතරය එවැනි සිද්ධීන්ය. අවාසනාවන්ත තත්ත්වය වන්නේ සංචාරකයන් සිටියදීම මෙලෙස අශෝභන ලෙස හැසිරීමයි. මේ නිසා ශ්‍රී ලංකාව දැඩි අපකීර්තියකට පත් වන බවත් මේ තත්ත්වය සංචාරක කර්මාන්තයට ද ප්‍රබල ලෙස බලපාන බවත් ඇමතිවරයාගේ අදහසයි.

මේ නිසා දිවයින පුරා සිටින සංචාරක රියදුරන් නියාමනය කිරීමේ වැඩ පිළිවෙලක් කඩිනමින් ආරම්භ කළ යුතු බව ඇමතිවරයා කියයි. දැනටමත් කටුනායක ගුවන් තොටුපළ ආශ්‍රිතව මෙම වැඩසටහන් ආරම්භ කර තිබේ. දිවයින පුරා එය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ඇමතිවරයා අවධාරණය කරයි.
මුලාශ්‍රය – ada.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article