spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජනතාවට මහඟු සේවයක් සලසන මීගමුව රෝහලේ වකුගඩු ඒකකයේ ලේ පිරිපහදුකරණය.!

Must read

IMG-20200226-WA0050

ජාතික සහ ප්‍රාදේශීය වශයෙන් ලංකාවේ වකුගඩු රෝගීන් සංඛ්‍යාව ක්‍රමානුකූලව ඉහල මට්ටමක පවතින තත්වයන් යටතේ මීගමු රෝහලේද වකුගඩු ඒකකයක් ආරම්භ කිරීම අගය කල යුත්තකි . එම ඒකකය ආරම්භ කර ගතවී ඇත්තේ මාස කිහිපයක් වුවද මේවනවිට ⁣වාර 470 ක පමණ ලේ පිරිසිදු කිරීමේ කටයුතු සිදුකර ඇති බව එහි කාර්‍යමණ්ඩලයේ නිලධාරි මහත්මියක් අප සමඟ පැවසීය . මෙහි කටයුතු සඳහා අවශ්‍ය වෛද්‍යවරු , හෙදියන් සහ අනෙකුත් සේවාවන් පිළිබඳ ප්‍රශ්ණයක් තිබුනු නමුත් මේවනවිට යම් ප්‍රමාණයකට එම ප්‍රශ්ණය විසඳා ගැනීමට මෙම කාර්‍යමණ්ඩලය සමත්වී ඇත .
ප්‍රථමයෙන් එක් වෛද්‍යවරයෙකු පමණක් සිටි මෙහි දැන් වෛද්‍යවරු 3ක් සිටීම සතුටු දායක තත්වයකි.හෙදියන්ද මේවනවිට 6 දෙනෙකු සිටිති. නමුත් සුළුසේවකයින් සිටින්නේ එක් අයෙකු පමණි . ආරම්භයේ සිටම එම තත්වයේ වෙනසක් සිදුනොවීම ප්‍රශ්ණයක් ලෙස පවතී.
පෙ.ව 8.00ට සහ ප.ව 1.00ට මෙහි වැඩ ආරම්භ කරන අතර පැය 24 ම වැඩ කල හැකි පරිදි කාර්‍යමණ්ඩලය පුළුල් කළ හැකි නම් මෙය විශාල රෝගීන් සංඛ්‍යාවකට සේවාවක් සැපයීමට හැකි බව වෛද්‍ය වරයෙකු අප සමඟ පැවසීය . අවම වශයෙන් වෛද්‍යවරු 5ක්, හෙදියන් 10 ක් , සුළු සේවකයින් 2 ක් වත් සිටී නම් වැදගත් බව කාර්‍යමණ්ඩලයේ මහත්මියක් පවසයි .එසේම මීගමු රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්‍යමණ්ඩලය මේ වෙනුවෙන් කරන කැපකිරීම අගයකළ යුත්තකි . මේ වෙනුවෙන් ඉමහත් පරිශ්‍රමයක් දරන ලද්දේ ඔවුන්ය. නමුත් තවමත් මෙහි අඩුපාඩු කිහිපයක් ති⁣බෙන බව ඔවුන් පවසයි .ඉන් ප්‍රධාන එකක් වන්නේ මෙම ඒකකයට අවශ්‍ය මොනිටර් දෙකක හිඟයයි. මේ සඳහා අප මීට පෙරද යම්කිසි පරිත්‍යාගශීලියෙකුට ආරාධනා කළෙමු. අපි නැවතත් එම හැකියාව ඇති කවරෙකුගෙන් හෝ ඉල්ලා සිටින්නේ මෙම මහඟු ප්‍රජාසත්කාරයට සහභාගී වී අපගේ මෙම රෝහලේ වකුගඩු ඒකකය දියුණු තත්වයකට ගෙනඒම සඳහා සහයෝගය දෙන ලෙසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article