spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගල් ඉබ්බන් තිදෙනෙකු සමඟ අයෙකු අත්අඩංගුවට .!

Must read

IMG-9c59f20a94fa8754880e791a6c50b56c-V

IMG-1d94e42d9eb86847eeeae4ace6bda786-Vඊයේ (25) මුතුරාජවෙල අභය භූමියේදී වසර 200ක් පමණ ජීවත්වන වටිනා ගල් ඉබ්බන් තිදෙනකු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම ට බස්නාහිර පළාතේ කලාප හදිසි වැටලීම් ඒකකය සමත්වී ඇත. අඩවි වන ආරක්ෂක ලසන්ත ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් සිදුකරන ලද මෙම මෙහෙයුම සඳහා අඩවිවන ආරක්ෂක එච් . එස් අබේරත්න සහ අඩවි සහකාර බුද්ධික අතුකෝරල යන මහත්වරුන්ද සහභාගී වී ඇත .
වත්තල , මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම පුද්ගලයා රු. 5000 ක ශරීර ඇප මත නිදහස් කර ඇති අතර මීලඟ නඩු වාරය මාර්තු 27 වන දිනට යෙදී ඇත .
දෙවනමුණි අධිකාරම්ගේ අනුර නම්වූ මෙම ඉබ්බන් ඇල්ලූ පුද්ගලයා තුම්මෝදර වැසියෙකි. මොහු කලක සිට මෙසේ ඉබ්බන් අල්ලා විදේශිකයින්ට විකුණා , මුදල් උපයමින් මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බව ලසන්ත ගුනවර්ධන මහතා අප සමඟ පැවසීය .
මෙය පරිසරයට කරන විශාල හානියකි. පරිසරයේ සමතුලිත බව රකින මෙවැනි සතුන් ආරක්ෂා කලයුතුව තිබියදී තම ජීවිත පැවැත්ම උදෙසා මෙම සතුන් මරා දැමීම විශාල අපරාධයක් බව කිවයුතුය . ඒ අනුව වනජීවි දෙපාර්තමේන්තුවේ මෙම නිලධාරීන් කරන සේවය අගය කල යුතු අතර ඔවුන්ට අපගේ ස්තුතිය පලකර සිටිමු .මෙම සත්වයින් අැල්ලීමේදී බිලීකටු භාවිතා කරන හෙයින් ඔවුන් නිතර කටු කඩා ගන්නා බවත් , එම කටු මෙම සතුන්ගේ බඩවැල්වල තැන්පත්වී තිබෙන බවත් ලසන්ත මහතා පවසයි .IMG-a4540171245fcab1c9d286bcd4ae0f69-V

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article