spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සජිත් ට එරෙහිව චෝදනාවක් ?

Must read

1595955387-sajith-2_L

සජිත් ප්‍රේමදාස මහතා නිවාස ඇමතිව සිටියදී ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ රැකියා ලබා දෙන බව පවසමින් තරුණ තරුණියන් විශාල පිරිසක් රැවටීමට ලක් කළ බව නිවාස සංවර්ධන අධිකාරියේ රැකියා අහිමිවූවන්ගේ සංගමය චෝදනා කළේය.

ඔවුන් පවසන්නේ සජිත් ප්‍රේමදාස මහතා තමන්ට රැකියා ලබා දෙන බව පවසා සිය දේශපාලන වුවමනා ඉටුකරගන්නට උත්සාහ කළ බවය.

අද (28) මාධ්‍ය හමුවක් පවත්වමින් නිවාස සංවර්ධන අධිකාරියේ රැකියා අහිමිවූවන්ගේ සංගමයේ උප සභාපති මංගල සෙනෙවිරත්න මහතා පැවසුවේ මෙලෙස අසරණ වු පිරිස මේ වන විට ජීවත් වන්නේ දෙමාපියන්ගේ මුදල්වලින් බවය.

එහිදී අදහස් දැක්වු එම සංගමයේ කැඳවුම්කරු ප්‍රදීප් රොෂාන් ජයවර්ධන මහතා පැවසුවේ පත්වීම් ලැබුණු රැකියාව අනුව දෛනික වැටුප 500ක් බවත් ඒ අනුව මාසෙකට දවස් 30ම වැඩ කළද රුපියල් දහ දොළොස්දාහකට වැඩි වැටුපක් ලබාගත නොහැකි බවය.
(අද දෙරණ )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article