spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සමීර, හරිය එන්නත ගහන හැටි කුරණින් ඉගෙන ගන්න

Must read

කොරෝනා වසංගතයට එරෙහිව එන්නත්කරණය පවා ජාරාජිර්ණ වු දේශපාලනයට යටකරමින් දැවැන්ත අවුලක් නිර්මාණය කර තිබේ.
මේ පිළිබදව පසුගිය කාලය තුල මොරටුව ගැන මෙන්ම ගාල්ල පිළිබදවද ජාතික මාධ්‍ය වල ප්‍රධාන අවධානයක් යොමුව තිබුණි.
තතු එසේවුවද ආරම්භයේ පටන්ම ඉතාමත් දුෂිතම එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් තිබුනේ මිගමුව තුලය.
එය එහෙම පිටින්ම නගරාධිපති දයාන් ලංසාගේ VIP දන්සැලක් බවට පත්ව තිබුණ අතර එන්නත්කරණ ගැන මුලික වගකිම දරන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියා පඹයෙකුගේ ගානට පත්ව තිබුණි.
මිගමුවේ ජනයාට ලැබිය යුතු එන්නත් විශාල ප්‍රමාණයක් ඒ අනුව පිටපළාත්වලින් පැමිණි අයට ලබාදිමට නගරාධිපති දයාන් ලංසා කටයුුතු කර කලේය.
මේ ජාවාරම ක්‍රියාත්මක කිරිමට ඇති පහසුව නිසාම මිගමුවේ සියළු මහජන සෞඛ්‍ය කොට්ටාශ පදනම් කරගනිමින් එන්නත ලබාදිම නිසි ලෙසින් ක්‍රියාත්මක කරනවා වෙනුවට දිනපතාම මිගමුව මහනගර සභාව තුල එන්නත ලබාදිමට කටයුතු සැලසුණි.

එහෙත් ඊයේ දිනයේ මිගමුවෙ කුරණ මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාශයේ ජනතාව සදහා සයිනොපාමි එන්නත ලබා දීමේ වැඩසටහන අද දින කුරණ සාන්ත. ආනා දේවස්ථානයේදී පැවැත්විනි.
කුරණ මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාශයේ ජනතාව සදහා සයිනොපාමි එන්නත ලබා දීමේ වැඩසටහන අද දින කුරණ සාන්ත. ආනා දේවස්ථානයේදීපැවැති අතර කිසිදු දේශපාලන බලපෑමකින් තොරව ඉතාමත් විධිමත් ලෙසින් එහි කටයුතු සංවිධානය වි තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article