spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සමුපාකාර කළමණාකාරවරියගේ නොසැලකිල්ල නිසා ”සමුප පොකුරක්” බිහිවෙන ලකුණු ???

Must read

මීගමුව සමුපාකාරයේ ප්‍රධානින්ගේ හැසිරිම බ්‍රැන්ඩික්ස් සමාගමට සමාන කරමින් බරපතල විවේචන මේ දිනවල එල්ල වෙමින් තිබේ.ඒ එහි කළමණාකාරවරියගේ තනි කැමැත්ත මත හිතුවක්කාරි පාලනයක් කොරෝනා අවදානම මැද කරගෙන කරගෙන යමින් සිටිම නිසාය.

රෝග ලක්ෂණ සහිත කම්කරුවන් සති 2 කක් තිස්සේ ඉදලා

වාර්තා වු අන්දම දැනට සති දෙකක පමණ කාලයක සිට සමුපාකාර කාර්යාල කාර්ය මණ්ඩලය සේවික සේවිකාවන් රැසක් විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් තිබියදි ඒ ගැන වහා අවධානය යොමුකොට ආදාල සෞඛ්‍ය බලධාරින්ට දැනුම් දිම වෙනුවට මේ කළමණාකාරවරිය කටයුතු කර තිබුනේ මේ මාසයේ ගිණුම් කටයුතු මාසය අවසන් විමට නිම කිරිම පිළිබදවය.

අහඹු පරික්ෂණ 10 කින් 5 කට කොරෝනා

මේ පසුබිම තුල කම්කරුවන්ගේ සෞඛ්‍ය තත්වය තවත් අර්බුදයකට ගිය තැන සිදුකරන්නට යෙදුන ඇන්ටිජන් පරික්ෂණයේදි 10 දෙනෙකුගෙන් 5 දෙනෙකුම ආසාදිත බව හදුනාගෙන තිබුණි.

කොරෝනා අවදානම මැදත් සමුප සුපිරි වෙළද සැල විවෘත කරලා

තතු එසේව තිබියදි සුහද සේවා සුපිරි වෙළද සැල ඊයේ දිනය තුලද විවෘතව පැවැති අතර සේවකයන් යොදවා ගෙන බඩු පැකට් කිරිමේ කටයුතු දිගටම සිදුවෙමින් පැවැති බව වාර්තා විය.

PCR පරික්ෂණ 140 ක් ?


ඊයේ දිනයේ සමුපාකාර සේවකයන් 140 දෙනෙකු හට PCR පරික්ෂණ සිදුකර තිබුණ අතර ඉන් බහුතරයක් විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් සිටි අය බවද සැලය.

මේ අතර මේ අකාරයෙන් අවදානම් තත්වයක් සමුපාකාරය තුල නිර්මාණය කිරිමට මුල් වු බවට දැනටමත් චෝදනා එල්ල වෙමින් ඇති කළමණාකාරවරිය PCR පරික්ෂණ සිදුකරගැනිමද ප්‍රතික්ෂේප කර ඇතියි සැලය

සමුපේ බඩු බෙදන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයටත් බිය පැතිරෙයි

මේ අතර දැනටමත් කොරෝනා අසාදනය විමට ලක්වු සේවක සේවිකාවන් කිපදෙනෙකු සිටින සමුපාකාරය මුල්වි මේ දිනවල නිරෝධායනය වන පවුල්වලට ලබාදිම සදහා සකස්කරනු ලබන වියළි සහනාධාර මළු බෙදා හැරිමට මුල්ව කටයුතු කරන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අදාල අයවලුන් සහ ඒ ඒ ප්‍රදේශවල ග්‍රාම නිළධාරිවරුන්ද කිසියම් බියකට පත්ව ඇතැයිද වාර්තා වේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article