spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සමූපකාර ප්‍රාදේශික හරහා ජනතාවට රුපියල් 1000 හා 500 අත්‍යවශ්‍ය භාණ්ඩ මලු ලබා දීමට තීරණයක් !

Must read

කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පහව යනතුරු ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමේ වැඩ පිළිවෙලක් රජය ආරම්භ කරයි.සමූපකාර හා සතොස මගින් මෙය ක්‍රියාවට නැංවේ. එය ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

වැඩ සටහන ක්‍රියාත්මක වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් අනුවයි. වසංගතය පැතිරයාම වෙලක්වමින් ජනතාවට අත්‍යවශ්‍ය පාරි‍භෝගික භාණ්ඩ ලබා දීමේ වැඩසටහන ඇරම්භ කරන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී (21) පැවති විශේෂ සාකච්ඡාවේදී ඇමති රණතුංග මහතා මේ බව සදහන් කළේය. බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා, සියළුම ප්‍රාදේශිය ලේකම්වරු, ගම්පහ දිස්ත්‍රික්කයේ සියළුම සමූපකාර සමිති සභාපතිවරුන්, සතොස නියෝජිතයන්, ගම්පහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු පොලිසියේ ඉහළ නිළධාරීන් මෙම රැස්වීමට සහභාගී වූහ.

මෙම සාකච්ඡාවේදී ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරනය කළේ කොරෝනා වසංගතය පහව යන තුරු ජනතාව ස්වයං නිරෝධානයකට ලක්කිරීම රජයේ අපේක්ෂාව බවයි.  මේ වන විට කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් හමුවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බැවින් ජනතාව අරක්ෂා කර ගැනීම සදහා වැඩපිළිවෙලක් අත්‍යවශ්‍ය බවද ඇමතිවරයා මෙහිදි පෙන්වා දුන්නේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ විවිධ සේවා සමූපකාර සමිති 17ක් ක්‍රියාත්මකයි. මෙම විවිධ සේවා සමූපකාර සමිති යටතේ පවතින ප්‍රාදේශික හරහා ජනතාවට රුපියල් 1000 හා 500 අත්‍යවශ්‍ය භාණ්ඩ මලු ලබා දීමට මෙහිදී තීරණය කෙරිණි. සහල්, පරිප්පු, සැමන් , අල, ධාන්‍ය වර්ග , සීනි ඇතුලත් මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ මලු සමූපකාර ප්‍රදේශික හරහාත් සමූපකාර ප්‍රාදේශික නොමැති ගම්මාන වලට ජංගම රථ මගිනුත් ලබා දීමට කටයුතු කරන බව ගම්පහ සමූපකාර සමිති කොමසාරිස් ආර්.ඒ විජේවික්‍රස මහත්මිය මෙහිදී කියා සිටියේය.
ප්‍රාදේශිය ලේකම්වරු වැඩසටහන අධික්ෂණය කරනු ලබයි. පොලීසිය මෙම භාණ්ඩ ලබා දෙන වෙලාව පිළිබදව ගම් වාසීන් දැනුවත් කරන අතර ග්‍රාම නිළධාරීන් , සමෘද්ධි සංවර්ධන නිළධාරීන් හා පළාත් පාලන නියෝජිතයින් එය සම්බන්ධීකරණය කරයි.
මේ වන විට රටතුළ අත‍්‍යවශ්‍ය අහාර තොග අවශ්‍ය තරම් ඇති බවද මෙහිදි අනාවරණය විය. සතොස නියෝජිතයා මෙහිදී පෙන්වා දුන්නේ පරිප්පු ටොන් 1400 ක්, සැමන් ටින් මිලියනයක් , සහල්, සීනි අවශ්‍ය තරම් සිය ගබඩා තුළ ඇති බවයි. සතොස ආයතනයද සිය ප්‍රාදේශික හා ජංගම රථ මගින් රුපියල් 500 හා රුපියල් 1000 අත්‍යවශ්‍ය භාණ්ඩ මලු ජනතාවට ලබා දීම සදහා වැඩ පිලිවෙලක් සකස් කර ඇති බවද මෙහිදී අණාවරණය විය. අදාල බඩු මලු සැකසීම දැනටමත් සිදු කෙරේ.
ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී අවධාරණය කළේ ඇදිරි නීතිය ඉවත් කල වහාම ජනතාව අත්‍යවශ්‍ය ආහාර මිලදී ගැනීම සදහා එක් රැස්වීම පාලනය කර ගත යුතු බවයි. මේ නිසා රජය මේ සදහා මැදිහත් වූ බව පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙම අත්‍යවශ්‍ය අහාර ජනතාවට ලබා දීමේ වැඩපිළිවෙල නියාමන ව්‍යාපෘතියක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීමටත් පසුව එය දිවයිනට හදුන්වා දීමටත් අපේක්ෂා කරන බව කීවේය.
news.lk

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article