spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සයිටම් විරෝධීන්ට ඉංග්‍රිසි බැරිද ?

Must read

Sri Lankan university students protest in Colombo on January 5, 2011. Students were asking authorities to remove vice chancellor N.L.A Karunaratne of the Sri Jayawardenepura university. AFP PHOTO/Ishara S. KODIKARA (Photo credit should read Ishara S.KODIKARA/AFP/Getty Images)
 (Photo credit should read Ishara S.KODIKARA/AFP/Getty Images)

පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධව සටන් කරන…කෑ ගහන අන්තරේ ඇතුළු ඇතැමුන්ට ඉංගිරිසි හෝඩියේ අකුරුවත් බෑ කියල තේරුණා…

මොකද අද ඉංගිරිසි පත්තර අරව මේවා බැලුවොත් ලංකාවේ උපාධි ලබාගතහැකි ආයතන 100ක් අඩුම තරමින් හොයාගන්න පුලුවන්.. බොහොමයක් UGC Approved ඒවා. SLITT,NSBM ඉඳන් IDM, Esoft වෙනකං පාඨමාලා තියෙනව ලක්ෂ ගාණට… ලාබෙට තියෙන්නෙ අපි කරපු විවෘත සරසවියේ උපාධිය සහ කොළඹ විශ්ව විද්‍යාලෙ BIT එක විතරයි…

වෛද්‍ය විද්‍යාලේ යාමටත් S 3 ප්‍රමාණවත් කියල විභාග දෙපාර්තමේන්තුව කියනව.. අනික් අයටත් වි.වි. ප්‍රවේශය සමත් කියල ටයිප් කරලම ගහල තියෙනව! දැන් රා.වි.වි ඉඩ නැත්තං සල්ලි දීල කරගත්තාම අනික් උන්ට ඇත් රුදාව මොකක්ද?

මම ඒකයි කියන්නෙ, ගස්ගෙඩි කඩ කඩ ඉන්න සුදුසු උන් කැම්පස් ඒමයි, ජ.වි.පෙ දේශපාලනයට ඇදී යාමයි නිසා වෙනඅලකලංචි තමා. ඒ නිසයි දවසක් මම කීවේ..මේ හැත්ත බුරුත්ත සතියකටවත් දියුණු රටක සංචාරයකට යවන්නයි..හොඳට ඉංගිරිසි භාෂාව හුරුකරන්නයි ඕනි කියල.. ඕවා දන්නව නං අත්දැකීම් තියෙනව නං…මෙ දූපත් බිජ්ජ අස්සෙ තියෙන්නෙ ලොව හොඳම එක කියන මිත්‍යාවෙන් ගැලවෙනවා..

දැන් මම දන්න නංකියෙක් ඉන්නව බංගලිදේසේ වෛද්‍ය උපාධිය කරපු.. ඒ කැම්පස් එක අපේ ඉස්කා්ලෙකට වඩාලොකුත් නෑලු.. මහලොකු පහසුකමකුත් නෑලු.. මෙහේ තරං ගුණාත්මයක් නෑ කියල තේරෙනවලු.. ඒත් ඉතිං එයා දැන් ඩොක්ට…… !
මනෝරාම වීරසිංහ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article